IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

(ඩයනා උදයංගනී)

සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු අමරසිරි කලංසූරිය මහතා අද අභාවප්‍රාප්ත විය. 

ඔහු 1969 වසරේ "රැයක් දවාලත්" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය. 

කලංසූරිය මහතා "හන්තානෙ කතාව", "අක්කර පහ", "නිම් වළල්ල"  "අහස් ගව්ව"  "බඹරු ඇවිත්", "පොඩි මල්ලි", "අනූපමා"  "අපේක්ෂා", "පරිත්‍යාගය" , "පෙම් රජ දහන" ආදී චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක විය.

ඔහු  ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වන "දිමුතු මුතු" හි ජයසේනගේ චරිතයෙන් මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ලෙස ඉතිහාස ගත වූවේය. 

දීපශිකා, සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මානලාභියෙකු වන ඔහු කොළඹ, රුහුණු සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලවලින්ද විශේෂ ඇගයීම් ලැබීය.

ඔහුගේ පුත් දුමින්ද කලංසූරිය දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. 



අදහස් (8)

අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

මහසෙන් Saturday, 01 April 2023 02:24 PM

"අරුනළු උදයේ දිලිසෙන පිනි මත පිය මං කරමින් අහස් ගව්වටයි ලං වෙන්නේ".ස්වභාවධර්මය විටක කෙතරම් විශ්මිත ද? අහස් ගව්ව සිනමා පටයේ ගීතය ට පසුබිම් හඩ දුන් සනත් නන්දසිරි ගායන වේදියාණන් අද සදහටම සමුගෙන යද්දි එම ගීතයට අදාල රූප රාමු වල පෙනි සිටි කලංසූරිය සිනමාවේදියාණන් අද සදහටම දෑස් පියා ගත්තේ ය.විශිෂ්ට කලාකරුවන් දෙපල අමා මහ නිවනින් සැනසේවා!!!!

:       0       19

Kule Saturday, 01 April 2023 02:43 PM

කලං ඔබතුමාට නිවන් සුව ලැබේවා

:       0       21

Asanga Saturday, 01 April 2023 03:08 PM

නිවන් සුව පතමි.

:       0       14

පිටිගල මිලානෝ Saturday, 01 April 2023 03:23 PM

ඔබ අප හැර ගියත් ඔබේ මතකය බොහෝ සිනමා රසිකයන්ගේ සිත් තුල සදාකාලික සිහිවටනයක් ලෙස රැදෙනු ඇත. බොහෝ සැන්දෑයාමයන්වල නුවර බේක්හවුසියේ ඉහළ මාලයේ මධුව්තක් සමග මා හා දොඩමළුවූ සහෘදය ඔබට නිවන් සුව…!

:       0       17

iks chandrasiri Saturday, 01 April 2023 03:44 PM

ඇඟට නොදැනී රඟාපු විශිෂ්ට රංගධරයෙක්. ඉතාම නිහතමානී මහත්මයෙක්. ඔබතුමාට නිවන්සුව ලැබේවා.

:       0       15

Kumara Saturday, 01 April 2023 05:12 PM

අමා මහ නිවන්සුව ලැබේවා.

:       0       16

sam Saturday, 01 April 2023 07:36 PM

සරල ජිවිතයක් ගතකල ජනප්‍රිය ප්‍රියතම කලාකරුවෙක්.

:       0       16

Bunny Preena Monday, 03 April 2023 10:01 AM

කනගාටුඩායක පුවතක්. කවදා හරි ඉතින් අපිට මෙලොවින් සමු ගන්නට වෙනව. එය අප කාහටත් උරුමයි. ඔබ අප පිනවූ ඩක්ශ කලා කාරයෙක්. ඔබට නිවන් සුව ප්‍රර්තනා කරමි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site