(අංජුල මහික වීරරත්න)
රටට අමාරුම කාලයේ එන්නේ ඊළඟ සති කීපයේදී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මිත්‍ර රටවල් ගණනාවක තානාපතිවරුන් සහ නිලධාරීන් සමඟ තමා සාකච්ඡා කළ අතර ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙන බවත් රටේ අද තිබෙන තත්ත්වය ගැන එම රටවල් වලට දැනුම් දී මෙි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කොට අදාළ ගිවිසුම්වලට ඇතුළු විය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ඉන්දියාව වැනි රටවල් සමග අදාල වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන අතර එම වැඩ කටයුතු අවසන් කරන්න මාස දෙක තුනක් යනු ඇතැයි ද ඊට පසුව රටෙි මධ්‍යකාලීන සහ දීර්ඝ කාලීන අනාගතය සුබ අතට හැරෙනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් සාකච්ඡා ආරම්භ කර තිබෙන අතර දැන් පවතින තත්ත්වය අනුව ඊළඟ සති කීපය අමාරුකම් වලට මුහුණ දෙන්නට සිදු වනු ඇතැයි ද ගමන එකට ගියොත් ආර්ථික හානියෙන් ගොඩ එන්නට හැකි බවට විශ්වාසයක් තිබෙන බවත් කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කාර්යාලයේදී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අමාරුම කාලය ඊළඟ සති කීපයයි
Sas Sunday, 15 May 2022 11:41 AM
ඇයි දැන් අමාරු නැද්ද...?
Rohana Sunday, 15 May 2022 02:24 PM
මේ ආර්ථික අර්බුදය විසඳීමට වත්මත් අගමැතිට හැකි නම් එය විශිෂ්ඨ සේවයක් මෙන්ම පුණ්‍යකර්මයකි.