IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අමෙරිකාව - යුක්රේනය ගිවිසුම් ගත වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට ඇමෙරිකාව සහ යුක්රේනය පසුගියදා අත්සන් තැබුවේය. යුක්රේනය වෙනුවෙන් ආයෝජන අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් යුක්රේන භූමියේ ඇති දුර්ලභ ඛනිජ සම්පත්වලට ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදීමට එරට තීරණය කර තිබිණි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි ධුර කාලය ආරම්භ කළ අවස්ථාවේ සිට යුක්රේනය මෙම ස්වභාවික සම්පත් ගිවිසුමට ඇමෙරිකාව සමග එළැඹීමට උත්සාහ කළේය.

සති ගණනක සාකච්ඡාවලින් පසුව දෙරට මෙම ගිවිසුමට එළැඹි අතර සාකච්ඡා අතරමගදී කෙටි කලකට ඇමෙරිකාව යුක්රේනයට ලබාදෙන ආධාර නතර කිරීමටද කටයුතු කළේය.

ගිවිසුම පිළිබඳව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ රුසියාව විශාල මෙන්ම ශක්තිමත් ප්‍රතිවාදියෙක් බවත් ඒ හේතුවෙන් යුක්රේනය ඇමෙරිකාව සමග මෙම ගිවිසුමට අත්සන් තැබිය යුතු බවත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිට තේරුම් කර දුන් බවයි.

 



අදහස් (5)

අමෙරිකාව - යුක්රේනය ගිවිසුම් ගත වෙයි

කෞෂි Thursday, 01 May 2025 03:40 PM

වෙඩින් එක කවද්ද?

:       0       13

Nandalal DE SILVA - France Thursday, 01 May 2025 06:26 PM

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ප්‍රකට කපටියෙක් බව සමස්ථ ලොක ව්‍යාපාරික ප්‍රජාවම දැනගෙන බොහෝ කාලයක් වෙනවා. "කෙක්කෙන් හො කොක්කෙන් " ඔහු තමන්ට අවශ්‍ය වන දේවල් ලබාගැනීමට සිය කපටි ව්‍යාපාරික මොළය යළිත් වරක් පාවිච්චි කර තිබෙන අයුරු මෙම ගිවිසුම මගින් තහවුරු කර තිබෙනවා. යුක්රේනයට මුදල් හො අවි ආයුධ ආධාර තාවකාලිකව අත්හිටුවා, ට්‍රම්ප් සිය අභිමතාර්ථය ඉටුකරගෙන, යුක්‍රේනයේ දුර්ලභ ඛනිජ සම්පත් "කොල්ලකෑම් මගඩිය" සිදුකර තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා...

:       1       19

Naleen Thursday, 01 May 2025 07:12 PM

තමන්ගේ තරම නොදැන සටනක යෙදෙන මෝඩ පාලකයෙක් නිසා රටක් විනාශ වන ආකාරය. අහිංසක යුක්‍රේනය

:       5       3

පිටිගල මිලානෝ Friday, 02 May 2025 11:36 AM

ජෝකර් නළු සෙලෙන්ස්කි කරපු විනාශයක්. ඇමරිකන් හුඟාක් වනවාට වඩා යසට රුසියාව සමග ගෞරවාන්විතව සංධානගත වෙලා ඉන්න තිබුණා. යුද්ධයක සේයාවක් වත් නැතුව…

:       3       1

Nandalal de Silva - France Friday, 02 May 2025 06:55 PM

අනේ මගේ කට !!! රුසියාවේ ඒකාධිපති මිනීමරු පුටින්, පිච්චියකට ගන්න පුළුවන් සතෙක් නොවෙයි ! තමන් ගෙ වාසිය පමණක් සොයන, අති දුර්ලභ ගණයේ සත්ත්ව කොට්ඨාශයක අවසාන පුරුක වනුයේ... ව්ලැඩිමීර් පුටින් යන මෙම විෂ ගොර සතාය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site