IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අම්මා සමඟ දරු දෙදෙනා දිය රකුසාට බිලි

 

(ඒ .ඒ ප්‍රේමසිරි)    

තිස්සමහාරාම ගල්වලක දියනෑමට ගොස් අතුරුදන් වූ දරු දෙදෙනාගේ සිරුරද අද (22) උදෑසන සොයාගත් බව පොලීසිය කියයි.

 මව සමඟ ඊයේ  දියනෑමට ගොස් සිටි දරු දෙදනා අතුරුදන් වී තිබු අතර දියේ ගිලුණු මවගේ සිරුර ඊයේ දිනයේදීම සොයාගෙන තිබිණි.

දරු දෙදනාද දියේ ගිලෙන්නට ඇතැයි සැක සිතු පොලීසිය කිමිදුන්කරුවන් යොදා මෙහෙයුම අරඹා තිබු අතර අද උදෑසන එම සිරුරු සොයාගෙන තිබිණි.

මියගොස් ඇත්තේ තිස්සමහාරාම ,කාවන්තිස්ස පුර ,සාමගුලිය ප්‍රදේශයේ පදිංචි මනෝරි සුරංගිකා නමැති දෙදරු මව සහ ඇගේ දියණියන් වන  14 හැවිරිදි නෙත්මි හේමන්තිකා සහ 9 හැවිරිදි දේවින්දි නමැති දෙදෙනාය.


ගල්වලේ දිය නාන්න ගිය මව මරුට:දරු දෙදෙනා අතුරුදන්

( පද්මසිරි ගාර්දියවසම්  සහ ඒ ඒ ප්‍රේමසිරි)    

තිස්සමහාරාම සාමගුලිය ප්‍රදේශයේ ගල් වලක තම දියණියන් දෙදෙනා සමඟ  දියනෑමට ගිය 32 හැවිරිදි මවක්  දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි .

මව සමඟ දිය නෑමට ගිය   ඇයගේ දියණියන් දෙදෙනාද මේ දක්වා අතුරුදන් ව ඇතැයි පොලිසිය පැවසීය. දියේ ගිලී මියගොස් ඇත්තේ තිස්සමහාරාම ,කාවන්තිස්ස පුර ,සාමගුලිය ප්‍රදේශයේ පදිංචි මනෝරි සුරංගිකා නමැති දෙදරු මවකි. 

අතුරුදන්ව ඇත්තේ 14 හැවිරිදි  සහ 9 හැවිරිදි ඇගේ දියණියන් දෙදෙනාය .දරුවන්ද ගල්වලේ ගිලී මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

 



අදහස් (1)

අම්මා සමඟ දරු දෙදෙනා දිය රකුසාට බිලි

Lalla Monday, 22 July 2024 11:17 AM

සැක සහිත කතාවක්.ගල්වළේ ගිල්වා මියගියා විය නොහැකිද? අඩුම තරමේ දරුවන් දෙදෙනා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site