(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පොල, අම්බුළුවාව රක්ෂිතයෙ දින තුනක කාලයක් තිස්සේ සිට නිරුවතින් කෑකෝ ගසමින් සිටියේ යැයි කියන කාන්තාවක් ගම්පොල මූලස්ථාන පොලිසිය විසින් අද සොයා ගනු ලැබුවාය.
දින තුනක කාලයක් තිස්සේ සිට රක්ෂිත වනාන්තරය තුළින් කාන්තාවක් වරින් වර කෑකෝ ගසන හඬ ඇසුණු ප්‍රදේශවාසීන් පිරිසක් ඒ ගැන රක්ෂිත වනාන්තරය තුළට ගොස් විපරම් කර බලා ඇත.
ඇඟේ නූල් පොටක් වත් නොමැති කාන්තාවක් සිටින අයුරු දුටු එම ප්‍රදේශවාසීන් පිරිස මේ බව බව ගම්පොල මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.
ගම්පොල මූලස්ථාන පොලීසියේ කාන්තා නිලධාරිනියන් කණ්ඩායමක් පැමිණ මෙම කාන්තාවට ඇඳුම් අන්දවා ඇය එම නිලධාරිනියන්ගේ බාරයට ගෙනඇත.
පොලිස් නිලධාරිනියන්ගේ බාරයට ගත් කාන්තාව ගම්පොල රෝහලට ඇතුළත් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම කාන්තාවගේ අනන්‍යතාවය තවමත් තහවුරු වී නොමැත.
මෙම කාන්තාවගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමුබුළුවාව කැලෙන් නිරුවත් කතක් හමුවේ