
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ (24) රෑ සිදුවූ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මරු මුවට පත්වී ඇත්තේ බළපිටිය රන්දොඹේ පදිංචි උජිත්සිරි ද සොයිසා නමැති 58 හැවිරිදි තිදරු පියකු බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තා අම්බලන්ගොඩ බස් නැවතුම් පොළ තීරෝද රථගාලේ කුලී තීරෝද රථ රියදුරකු බවත් ඔහු සිය තීරෝද රථයෙන් අම්බලන්ගොඩ සිට නිවස පිහිටි රන්දොඹේ බලා යමින් සිටියදී මේ වෙඩි පහාරයට ලක්වී ඇති බවත් පොලීසිය කියයි.
නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු මේ පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
මිලි මීටර නවයේ උණඩ දැමිය හැකි ගිණි අවියකින් ඔහුට වෙඩි තබා ඇති බවත් ඔහුගේ සිරුරේ තුවාල හතරක් පමණ තිබෙන බවත් පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය නොවූ බව ද පොලීසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රියැදුරෙක් මරුට