IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අභිනව මහනාහිමිට අක්‍තපත්‍ර

(යොහාන් භාසුර)
රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් මකුලෑවේ විමල හිමියෝ ලැබූ උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මහා නායක ස්වාමීන් වහන්සේගේ ශාසනික ප්‍රතිපදාව සමස්ත භික්ෂූන් වහන්සේගේ ගෞරවයට පාත්‍ර වන බවත් උන්වහන්සේ තුළ ඇති අල්පේච්ඡ ගුණය සමාජයට වටිනා පණිවිඩයක් දෙන බවත් ජනාධිපතිවරයා කීය.
මහා සංඝරත්නයට ලබාදෙන ගෞරවය සමාජ ප්‍රතිපෝෂණයට ඉවහල් වන නිසා රජය ශාසනය රකිමින් ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් කැප වන්නේ සමාජය වෙනුවෙන් වූ වගකීමක් ඉටු කිරීමට බව කී ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, මකුලෑවේ විමල හිමිපාණන්ට අභිනව මහානායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේදී  ජනාධිපතිවරයා එසේ පැවසීය.
කොළඹ නිදහස් මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහානායක හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී  මකුලෑවේ විමල හිමිපාණන් විජිණිපත පිළිගැන්වීය.
මහාචාර්ය රළුවේ පද්මසිරි හිමියන් විසින් රචිත අභිනව මහානායක හිමි අභිනන්දන ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදු කෙරිණ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද අභිනව මහා නායක හිමියන්ට ප්‍රසාද පූජා කළහ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය හා ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ සහ මහානායක හිමිපාණන් වහන්සේගේ පවුලේ ඥාතීහු ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

අභිනව මහනාහිමිට අක්‍තපත්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site