(ඉන්දිකා රාමනායක)
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ සියයක කණ්ඩායමක් මාලි රාජ්‍යය බලා පිටත්ව ගියහ.
රෙජ්මේන්තු 12 නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනකු සමග සෙසු නිලයන් 243 දෙනකු අධියර තුනක් යටතේ මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතය. එහි පළමු කණ්ඩායම නිලධාරීන් 10 දෙනකු සමග සෙසු නිලයන් 90 දෙනකු වශයෙන් මෙම කණ්ඩායම පිටත්ව ගොස් ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලට පැමිණ එම කණ්ඩායමේ සිටින සියලුම දෙනාට සුබ පැතුම් එක් කළේය.
මෙම ඛණ්ඩයේ අණදෙන නිලධාරී ලෙස කර්නල් චන්දන ජයමහ මහතා කටයුතු කරන අතර දෙවන අණදෙන නිලධාරී ලෙස මේජර් ඩබ්ලිව් එම් සී ඒකනායක කටයුතු කරයි.
මෙම කණ්ඩායමේ සෙසු කණ්ඩායම ඉදිරි දින වල මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අපේ විරුවෝ 100ක් මාලි බලා යති