
(අංජුල මහික වීරරත්න)
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2011 වසරේදී කෙයාන් ලංකා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ලද ගවේෂණ හා කැණීම් වලට අනුව, මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ බිම් කොටසින් ස්වභාවික වායු නිධි 2 ක් සොයා ගෙන ඇති අතර, එමඟින් මන්නාරම් ද්‍රෝණියේ ශක්‍ය හයිඩ්‍රොකාබන් පද්ධතියක් පවතින බව සනාථ වී තිබේ. 2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ විධිවිධාන අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ රෙගුලාසි මඟින් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව අක් වෙරළ ඛනිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණ බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් සංර්වධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.
ඒ අනුව, මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 4 හි ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමට, එම කාර්යය සඳහා ඵලදායී අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු අලෙවි කරණ උපදේශකයෙකුගේ සේවය ලබා ගැනීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපේ මුහුදේ තෙල් හොයන්න උපදේශකයෙක්
achini Thursday, 08 May 2025 01:37 PM
මයිනත් දළඳා වහන්සේ ඉස්සරහා කිව්වා නේද කාලකෙට කලින්
sunil Thursday, 08 May 2025 02:01 PM
ඔතන තෙල් හොයන්නේ '70 දශකයේ ඉඳලා. එත් ඔතන හම්බ වුනු තෙලක් නැහැ. තව හෙව්වත් ඔච්චරම තමා.
ගුණරත්න Friday, 09 May 2025 08:46 AM
උපදේශකතුමා ස්වේච්ඡාවෙන් වැඩ කරන ජාතික ජන බලවේගේ ඉන්න විශේෂඥ දැනුමක් ඇති ආචාර්ය සහෝදරයෙක් වෙන්න ඇති නේද?