IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’අපි ජනකට චරිත සහතික දෙන්නේ නෑ’’

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"මයික් ටයිසන්" පත්කරපු ආණ්ඩුවටම "මයික් ටයිසන්"එපා වෙන්නේ ඔහු විදුලිබිල වැඩි කරන්න විරුද්ධ වුණාට පස්සේ යැයි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනක රත්නායක ගැන කිසිම චරිත සහතිකයක් දෙන්න ජාතික ජන  බලවේගයට උවමනාවක් නැතැයි ද විජිත හේරත් මහතා කීය.

ජනක රත්නායක කොමිසමේ සභාපති වෙන්න කලින් ඔහු ආණ්ඩුවේ මූල්‍ය ආයතන වල සභාපති කම් දැරූ බව කී හේරත් මහතා ඔහු ආණ්ඩුවට එපා වූයේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ විදුලි බිල වැඩි කිරීම ඔහු යටතේ ක්‍රියාත්මක කරන්න බැරි වූ නිසා බව පැවසීය.



අදහස් (7)

’’අපි ජනකට චරිත සහතික දෙන්නේ නෑ’’

Samitha S. Aluthgamage Wednesday, 24 May 2023 03:42 PM

කලින් දේවල් ගැන ජනකට කාගෙවත් චරිත සහතික මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මනුස්සයා මේ ලෙඩේ දාගත්තේ ජනතා දුකට පිහිට වෙන්න ගිහිල්ලා. ඒ ගැන සිතා ඔහුට රටේ ජනතාව වෙනුවෙන් අවංකව සහයෝගයක් දීමයි... මේ වෙලාවේ කළයුතු වන්නේ. නිකං පෙර වැරැදි ගැන සිහිකරලා ඇඟ බේරාගෙන වැඩ කරන්න එපා. ඔහු මේ ප්‍රශ්නෙන් දිනුවොත් ජනතාව දිනුවා වෙනවා. පැරදුණොත්, ඔහු අලසයෙකු වගේ ඉන්න එකක් නැහැ. සාර්ථක ගමනක් යයි...

:       41       39

BandaThursday, 25 May 2023 06:58 AM

දැන් ජනක හොඳයි වගේ දැනෙනවා නේද, ඡන්දේ ඉල්ලුවොත් දෙන්න හිතෙනවා නේද. ආන්න එහෙමයි නාකි මයිනා ඔයාලව අන්දන්නේ

:       2       1

Aravinda Monarawila Wednesday, 24 May 2023 04:46 PM

ඔයාගේ උපදෙස් ලැබෙනතුරු හිටියේ දැන් මාලිමාවේ සහාය ජනකට ගොන් පාර්ට් නොදා ඉන්නවද?

:       16       21

සත්‍ය ගවේෂී.Wednesday, 24 May 2023 05:56 PM

එදා බමුණු ආරච්චි කිව්වා වගේ වීරයෙක්ගේ නමක් දාගෙන මේ මෑතක ඉඳන් වීරයෙක් වෙන්න හදන මේ පුහුවීරයා කවුද?

:       2       18

Samitha S. Aluthgamage Wednesday, 24 May 2023 06:49 PM

මගේ සමබර අදහස එඩිතරව කියන්න ලෝකල් මොණරවිලගෙන් අවසර ගන්න ඕනෑ වෙන්නේ නැහැ. අපි ළඟ ඔයාගේ ළඟ වගේ ගොන් පාට් නැහැ හලෝ.

:       3       17

bamunuarachchiThursday, 25 May 2023 07:30 AM

සජිත්, මහින්ද හෝ රනිල සමබර හෝ කොයිපැත්තට බර අදහසක් කිව්වත් මිනිස්සු ඒගැන හිතනවා ජෙප්පෙක් කීවාට කවුද ගණන්ගන්නේ? අපිට ඒවා ගොන්පාට් හැටියට පෙනෙන්නේ.

:       3       4

Sam Thursday, 25 May 2023 12:02 PM

බමුගේ කතාව ඇත්ත , එහෙම හිතලා ජන්දය දීල , බමුගේ සෙට් එක, රට මේ තත්වයට දියුණු කලේ

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site