IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෝක වාර්තාවක් ද සමගින් ජය ලැබීමට සමත් විය.

එහිදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යේදී කඩුලු 5 ක් දැවී ලකුණු 301 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල එම ඉලක්කය ඕවර 44.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

මෙය ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී හඹාගොස් ජය ලැබූ ඉහළතම ලකුණු සංඛ්‍යාව මෙන්ම ලකුණු 300 ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය ලැබූ පළමු සහ එකම අවස්ථාව ද මෙය වේ.

ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් පිල 2012 වසරේ නවසීලන්තයට එරෙහිව ලකුණු 289 ක් හඹාගොස් ජය ලැබීම මීට පෙර හඹාගොස් ජය ලැබීමේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.

මෙහිදී ශ්‍රී ලංකා පිල රැස්කළ ලකුණු 305 ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වන අතර දකුණු අප්‍රිකාව 2017 වසරේ එංගලනත්යට එරෙහිව ලකුණු 374 ක් රැස්කරමින් එහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.

මෙහිදී ශ්‍රී ලංකා පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය එක්දින ක්‍රිකට් සිටියේ ඉහළතම ඉනිමක ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 195 ක් රැස්කිරීමට සමත් වූවාය.

චමරිගේ මෙම ලකුණු 195 ලෝක කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩිකාවක් රැස්කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ. නවසීලන්තයේ අමීලියා කීර් (නොදැවී 232) සහ ඕස්ට්‍රේලියාවේ බෙලින්දා ක්ලාක් (නොදැවී 229) පමණක් චමරිට ඉදිරියෙන් සිටිති.

චමරි පන්දු 139 කදී හතරේ පහර 26 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 195 රැස්කළ අතර ශ්‍රී ලංකා ජයග්‍රහණය චමරි හයේ පහරකින් සටහන් කිීම ද මෙහිදී කැපී පෙනුණි.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්වති එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.  



අදහස් (1)

අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති

Senarath Friday, 19 April 2024 09:40 AM

ඔබ සැමට අපේ සුබ පැතුම් අපරාදේ චමරිට 200 මිස්වුණේ

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 84 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 273 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 464 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 650 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1387 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1066 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1840 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1651 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site