
දිනක් ගතවීම යනු එක් දවසකින් හෝ වයසට යාමකි. ලෙඩ රෝග වැළඳීමට බාල, තරුණ, මහලු භේදය කිසි විටෙක බලනොපායි.
එබැවින් ඔබ ඉහත කවර කොට්ඨාසය නියෝජනය කළද දිනකට සුළු වේලාවක් හෝ මිඩංගු කරමින් තම ශරීර සෞඛ්‍යයේ පැවැත්ම කෙබඳුද යන්න තමා විසින්ම පිරික්සා කර බැලිය යුතු දෙයකි.
1) කුමන හෝ පරීක්ෂණයකට භාජන වෙනවා නම් ඉදිරියේදී ඔබව අවදානමකට ලක් කරන රෝගී තත්ත්ව ගැන පූර්ව අවබෝධයක් ලබා ගන්න.
කිනම් හෝ රෝගී තත්ත්වයක් තමාට ඇති බව වසර කිහිපයක් ගතවූ පසු දැන ගැනීමට වඩා ඒ ගැන කලින් දැනුම්වත් වීමට හැකි නම් නිසි ප්‍රතිකාර නිසි කලදී ලබා ගැනීමට පුළුවන. රෝගී තත්ත්වය බරපතළ වීමට ප්‍රථම එය මැඩ පවත්වා ගැනීමට හැකියාව ලැබීමම කෙතරම් මනසට , ගතට සුවදායකද?
2) හෘදය වස්තුව ගැහෙන රිද්මයට කන් දෙන්න.
හෘදයේ ගැස්ම ඒකාකාරී වීම සාමාන්‍ය වේ. ඊට කන්දීම සේම, ඇඟිලි තුඩු මගින් නාඩි පිරික්සා කර බැලීමද කළ හැකියි. රිද්මයේ යම් වෙනසක් ඇත්ද යන්න අවධානය යොමු කළ හැකියි.
3) ඔබගේ සම මෙන්ම නියපොතු දෙසත් වුවමනාවෙන් බලන්න.
නියපොතුවල පැහැයේ යම් වෙනසක් තිබේද, නිය දෙපස සම තුවාල වී ඇත්ද, නිය කරු මෙන්ම නිය අතර සම පෙදෙස දෙස අවධානයෙන් බලන්න. එසේම සමෙහි ඇස ගැටෙන කෙබඳු හෝ වෙනසක් ඇත්ද, ගෙඩි, ලප , පලු වැනි දෑ තිබේද යන්න පරීක්ෂා කර බැලීම තමාටම සිදු කර ගත හැකියි.
4) කාන්තාවන් පමණක් නොව පුරුෂ පක්ෂයද ස්වයං පරීක්ෂාවන් සඳහා නැඹුරු වීම ඉතා වැදගත්ය.
මෙහිදී ස්වයං පරීක්ෂාවක් ලෙස පියයුරු පරීක්ෂාව තමාටම කර ගත හැකියි. පියයුරෙහි අසාමාන්‍ය ගැටිත්තක්, ඉදිමුවක්, සැරව ගැලීමක් ඇත්ද යන්න බැලීම වැදගත් වේ.
5) ඔබගේ සිතිවිලි, හැඟීම්වලට සිදුවී ඇත්තේ කුමක්ද?
ඒවායෙහි දියුණුවක් සිදු වෙලාද? ඔබ පෙර සිටියාට වඩා තරහව,කෝපය පාලනය කරගෙන සිටීද? දුකක් දැනෙන හැම මොහොතකදීම හඬා වැටෙනු වෙනුවට එය විඳ දරා ගැනීමට අවැසි ශක්තිය ඔබ සතුද? නොඑසේ නම් නුරුස්සන ගතිය, උදාසීනත්වය දනවන සිතිවිලිවලට ඔබ සමීප වී ඇත්ද? අපව නිරෝගීව තැබුමටත්, මනසේ යහ පැවැත්මටත් සිතිවිලි කෙතරම් දායකද යන්න ඔබටම වටහා ගැනීම අපහසු නැත. නිවැරැදි සිතිවිලි යහපත් සෞඛ්‍ය ප්‍රවර්ධනයක් කරා ඔබව රැගෙන යයි.
6) අන්තිම අඩියට වැටුණු පසු තීරණ නොගන්න
දුක් වෙවී, හඬා වැටී ගන්නා තීරණත් අතර මඟදී වෙනස් වන තීරණත් නොව ප්‍රශ්නයට නිසි තීරණ ගන්නා තීරකයකු වන්න ඔබට පුළුවනි.
මෙයාකාරයෙන් තමාට තමාගේ බාහිර මෙන්ම අභ්‍යන්තරය ගැනත් විමසීමට හැකියි. එහිදී කල්තියා රෝග හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා සුවපත් වීමටත් හැකියි. එසේම රෝගවලට එරෙහිව ප්‍රතිශක්තියක් සේම සුබවාදී දැක්මකට උත්තේජනයක් සැපයීමට තමාටම හැකි බව ඔබ තේරුම් ගන්නවා ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපව නිරෝගීව තබන සරල පුරුදු කිහිපයක්