
(දයාරත්න ඇඹෝගම)
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ඩි සිල්වා මහතා පවසයි.
අධික වරුෂාව හේතුවෙන් මෙම ප්‍රධාන ජලාශවලට ලැබෙන ජලය ඉවත් කිරිමේ අරමුණින් වාන් දොරටු විවෘත කොට ඇති බවත් කලාප වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා පැවසිය.
ඒ අනුව නාච්චාදූව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, දොරටු දෙකක් අඩි දෙක බැගින් ද , දොරටු තුනක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇත. රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබේ. මහකනදරාව ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් නවය බැගින් විවෘත කර ඇත. මහවලච්චිය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි එක බැගින් හා අඩි දෙක බැගින් විවෘත කෙරිණි. අභය වැව , තුරුවිල ජලාශය හා තිසා වැව ද අඟල් දෙක බැගින් වාන් දමයි. නුවර වැව අඩි එකකින් වාන් දමමින් පවතී. කලා වැවේ ද අඩි එක බැගින් වාන් දොරටු දෙකක් විවෘත කොට තිබේ.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුරේ මහ වැව් 9ක් වාන් දමයි