IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අපරාධකරුවකුගේ ගෝලයන් දෙදෙනෙක් මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි  සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩුබායි හි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජෝති රූබන් සහ සේදවත්තේ කසුන් නමැත්තන්ගේ සමීපතමයන් දෙදෙනකු විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල ගිනි අවියක් උණ්ඩ 54 ක් සහ හොරොයින් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත විදෙස්ගතව සිටිමින් මෙරට අපරාධ ජාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වෙමින් මනුෂ්‍ය ඝාතන සිදු කරනු ලබන අපරාධකරුවන් පිළිබඳ සිදුකළ විශේෂ විමර්ශනයකදී අලගෝරම් ජෝති රූබන් සහ සේදවත්තේ කසුන් යන අය සම්බන්ධයෙන් සිදුකල විමර්ශණයේදී මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා වැල්ලම්පිටිය කොටුවිල සහ අවිස්සාවේල්ල මීගහවත්ත ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම ඒකකය පවසයි.

වැල්ලම්පිටිය කොටුවිල දී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ සහෝදරයෙකු පදිංචිව සිටින කොටුවිල ප්‍රදේශයේම නිවසක් පිටුපස වල දමා තිබූ විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල ගිනි අවිය මැගසිනයක් සහ මිලි මීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 54 ක් සැකකරුගේ සහය මත සොයා ගැනීමට හැකිව ඇති අතර එම ගිනි අවිය යම්කිසි ඝාතනයක් සදහා යොදා ගෙන ඇතිද යන්න වැඩි දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

 



අදහස් (1)

අපරාධකරුවකුගේ ගෝලයන් දෙදෙනෙක් මාට්ටු

අම Wednesday, 05 June 2024 07:25 PM

ඔය රතුපාට ටී ෂර්ට් එක ඇඳලා ඉන්නේ ජෝති රූබන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site