
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්කරමින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකර දෙදෙනකුට බරපතල තුවාල සිදු කර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ හොර රහසේ සැඟව සිටියදී හෝමාගම ගලවිල ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි
එම සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලිගෑම් 5000 ක් පොලිස් භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්නා රමේෂ් නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ වෙඩික්කරු බවත් පොලිසිය සඳහන්කරයි
2023 වර්ෂයේ මැයි මස 12 වෙනි දින අවිස්සාවේල්ල තල්දූව හන්දියේ සුපිරි වෙළඳසලක් අසලදී පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කිරීම ,එම මස 26 වෙනි දින තල්දූව දේව ප්‍රතිමාව ඉදිරිපිටදී යතුරු පැදියකින් ගොස් ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම, 2023 සැප්තැම්බර් මස 20 වැනි දිනඅවිස්සාවේල්ල තල්දූව ගුරුපස්විලදී යතුරුපැදියකින් ගොස් ගොස් තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනකුට ටී 56 ගිනිය අවියකින් වෙඩි තබා එයින් තිදෙනකු ඝාතනය කර තවත් අයකුට බරපතල තුවාල සිදු කිරීම සැකකරු සිදු කර තිබූ ප්‍රධාන අපරාධවලින් කීපයක් බව පොලිසිය සඳහන් කරයි
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපරාද රැසක වෙඩික්කරුවෙක් අල්ලයි
කව්ද බෝයි Tuesday, 18 March 2025 05:48 PM
මෙයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?