IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අපදා මරණ 17ක්


(යොහාන් භාසුර)

වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගල 17 ක් පමණයට පත්ව ඇති බවත් ආපදා හේතුවෙන් පුද්ගලයින් 19 ක් තුවාල ලබා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (1) පැවසීය.

දිස්ත්‍රික්ක 24 ක පවුල් 142,624 කට අයත් පුද්ගලයන් 479,871 ක් බලපෑමට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.


ආපදා හේතුවෙන් දිස්ත්‍රික්ක 24 ක පවුල් 53,888 කට අයත් පුද්ගලයන් 143,726 ක් තවදුරටත් ආරක්ෂිත ස්ථානවල සහ ඥාති නිවාසවල රැඳී සිටින බවත් පවුල් 45,418 කට අයත් පුද්ගලයින් 116,209 ක් ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 229 ක පවුල් 8470 කට අයත් පුද්ගලයන් 27,517 ක් රැඳී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කීය.

නිවාස 103 ක් පූර්ණ හානියට ලක්ව ඇති අතර නිවාස 2635 ක් අර්ධ හානියට ලක්ව ඇති බව කියන එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් පසුගිය දින කිහිපයේ පළාත් රැසකට බලපෑම් වූ අතර අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය, පේරාරු, උල්හිටිය රත්කිඳ, පොල්ගොල්ල, නාච්චදූව, රාජංගනය, කලාවැව සහ වෙහෙරගල ආදි ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

මහවැලි ගඟ පිටාර ගැලීම නිසා දින ගණනාවක් වසා තිබුණු කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගය සැහැල්ලු රථ වාහන ධාවනය සඳහා විවෘත කර ඇති අතර කලා ඔය, මල්වතු ඔය, හැඩ ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ සහ මුන්දෙනි ආරු සඳහා නිකුත් කර ඇති ගංවතුර අවදානම් නිවේදන තවදුරටත් පවතී. 



අදහස් (0)

අපදා මරණ 17ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site