(ගයාන් සූරියආරච්චි)
ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට ලක්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෝ සිව්දෙනෙක් නාවික හමුදාව විසින් ඊයේ (6) නිරුපද්‍රතිව බේරාගනු ලැබූහ.
මෙම ඉන්දීය ධීවරයින් සිව්දෙනා ඉන්දියාවේ මිනිකෝයි දුපතේ පදිංචි පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම පිරිස දික්ඕවිට වරායට රැගෙනවිත් අවශ්‍ය වැඩිදුර සහන සැලසීම නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බළකාය විසින් සිදු කරනු ලැබීය.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් එම ඉන්දීය ධීවරයන් පිරිස බේරාගත්තේය.
එම ඉන්දීය ධීවර යාත්‍රාව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජූනි මස 9 වැනිදා සිට සන්නිවේදන සබඳතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මෙරටට දන්වා තිබුණි.ෙ
ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් හලාවතට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ ආපදාවට පත්ව ක්‍රියා විරහිතව තිබූ එම ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් බේරාගනු ලැබීය.
මූලික වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් පසුව එම ඉන්දීය ධිවරයින් පිරිස ඉදිරි කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අපදාවට ලක් වූ ඉන්දීය යාත්‍රාවක ධීවරයෝ බේරා ගැනෙති