IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


අපට දැන් හිරේ යනවද?උගන්වනවද? හිතන්න වෙලා

(අංජුල මහික වීරරත්න)

ළමයින් හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා රජය ගෙන ආ පනත් කෙටුම්පත සම්මත වුවහොත් දරුවන්ට උගන්වනවාද? නැතිනම් හිරේ යනවද? කියා ගුරුවරුන්ට හිතන්න වෙන බව ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ මාධ්‍ය හමුවකදී අද (30) පැවසීය.

මෙම දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය ක්‍රියාත්මක වුණොත් පාසලකට ශිෂ්‍ය නායක මණ්ඩලයක් වැඩක් නැතැයි ද සුමංගල හිමියෝ කීහ. ගුරු සංගම් වල සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියෝ:-

මේ පනත සම්මත වුණොත් වගේම පාසලකට විනය මණ්ඩලයක් වැඩක් නැහැ.කොටින්ම කියනවා නම් පාසලේ විනය කියන වචනයක් කතා කිරීමත් තහනම් වෙනවා.මේ නිසා රට වනසන, පාසල වනසන මේ පනත වහ හකුලා ගන්නැයි අප රජයෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රේණිධාරී විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා:-

මේ පනත සම්මත වුණොත් සමාජ ව්‍යසනයක් ඇතිවෙන්න නියමිතයි.මේ පනත සම්මත කළාට පස්සේ කොණ්ඩෙ බැඳලා පිරිමි ළමයෙක් පාසලට ආවොත්,පිරිමි ළමයෙක් කරාබු දාලා පාසලට ආවොත් ගැහැණු දරුවෙක් නහය විඳලා කරාබුවක් දාගෙන පාසලට ආවොත් අනුගමනය කළ හැකි පියවර මොනවාදැයි අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දිය යුතුයි.එසේ නොකළොත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලොකු අමාරුවක වැටෙනවා.ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් නොමඟ යාමට ගොදුරු වෙන්න පුළුවන්.

ඒ සම්බන්ධයෙන් කොළඹදී පැවති තවත් මාධ්‍ය හමුවකදී රජය පාර්ශවයෙන් අදහස් දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා:-

ශාරීරික දඬුවම් කරන්න ඕන කියන එකක් නෑනේ.දඬුවම් කරන ක්‍රමවේද ඕන තරම් තියෙනවා.කොන්ඩේ වවාගෙන එනවා නම් කොණ්ඩේ කපන්න යන්න එපා. ඒක මාපියන්ට පවරන්න.දරුවන් යහමගට ගැනීමේ සැබෑ චේතනාවෙන් ගුරු විදුහල්පතිවරුන් කටයුතු කර තිබේ නම් මේ පනතින් ඔවුන්ට දඬුවම් දෙන්න හැකියාවක් නෑ.

 



අදහස් (0)

අපට දැන් හිරේ යනවද?උගන්වනවද? හිතන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32770 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15356 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9991 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 165 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 468 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1390 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site