IMG-LOGO

‘‘අපට ණය දුන්න කිසිවකුටත් අසාධාරණයක් කරන්නේ නෑ‘‘

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් ලබා ගැනීම සඳහා මුල්‍ය සහ නීති උපදේශකයින් තෝරා පත් කරගැනීමට දින 15-20 අතර කාලයක් ගතවිය හැකි බව බ්ලූම්බර්ග් රුපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය.

අපිට ණය දීපු ඇතැම්  සමාගම් අපිව සම්බන්ධ කරගත්තා අපි ඒගොල්ලො කොහෙ හිටියත් මුණගැහිලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.අපි ශ්‍රී ලංකාවට ණය දීපු  සෑම සමාගමකටම සහ රාජ්‍යයකටම සලකන්නේ එක වගේ කිසි කෙනෙකුට අසාධාරණයක් කරන්නෙ නෑ.

අපේ සාකච්ඡාවල  ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත්.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍යයි.බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය හදිසි මුදල් අරමුදල් සපයා ගැනීමට හැකියාව අපිට ලැබෙනවා අලි සබ්රි මහතා පැවසීය.  

ශ්‍රී ලංකාව මෙම වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක මුදලක් හදිසි ආධාර ලෙස සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා.අපි මේ වෙනකොට ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමග ඵලදායී සාකච්ඡාවක් පවත්වා අවසන්. ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර නිලධාරීන් කිහිපදෙනෙක් සමග වගේම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ද   සාකච්ඡා සිදු කළා. අපි බලාපොරොත්තු වෙනවා අනිත් රටවල සගයන් සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

රුපියල පා වීමට හැරීම ආර්ථික අර්බුදයට බලපෑවා. ශ්‍රී ලංකාවට මුදල් ගෙන්න පුලුවන්ද කියලා චීන රජයේ උදව් වෙන් අපි චීන සමාගම් සමග සාකච්ඡා  කරනවා එම සමාගම් වලට බැංකුද ඇතුළත් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සම්මුඛ සාකච්ඡාවේ දී වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව මෙම වසරේදී ගෙවීමට ඇති බාහිර ණය අසන්න වශයෙන් ඩොලර් බිලියන 6 ක් වන අතර ඉතිහාසයේ  ශ්‍රී ලංකාව ණය ගෙවීම අත් හිටවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

විමුක්ති එස් රුද්‍රිගු



අදහස් (5)

‘‘අපට ණය දුන්න කිසිවකුටත් අසාධාරණයක් කරන්නේ නෑ‘‘

දර්ශන පෙරේරා Thursday, 21 April 2022 03:16 PM

ගන්න ගන්න තව ණය ගන්න... ඊට පස්සේ ඔයා ගෙදරින් ගෙනැල්ලා ණය වාරිකයි, පොළියයි ගෙවන්න. කලින් තිබුණු ණය ඩොලර් බිලියන 51යි. අලුතින් ගත්ත හෝ ගනිමින් පවතින ණය IMF ඩොලර් බිලියන 4යි. ඉන්දියාවෙන් ඩො.බි 2යි, චීනයෙන් ඩො.බි 2යි, බංග්ලාදේශයෙන් ඩො.බි 1යි, ඔක්කොම ඇ.එ.ජ ඩොලර් බිලියන 60යි. අපි නොකා නොබී පටි තදකරගෙන ඉන්නම්... ඔය ගොල්ලො සියලු සැප විඳිමින් සතුටින් ඉන්නකෝ.. මේ කාලකණ්ණි හින්දා රටේ ජීවත්වීම තිත්ත වෙලා තියෙන්නේ...!

:       5       33

N shantha Thursday, 21 April 2022 03:29 PM

මොනවා කළත් කමක් නෑ. මැති ඇමැතිලාගේ දීමනා සියල්ල කපාදාන්න. වැටුප පමණක් ගෙවා රට ගොඩගනිමු...!

:       0       31

ravin Thursday, 21 April 2022 03:39 PM

ඔය කියන වැදි බණ හින්දා වෙන්නැති ණය ඉල්ලන්න වාහන වලින් ගියේ...

:       6       21

kapila Thursday, 21 April 2022 04:23 PM

ඇත්ත. රටේ මිනිස්සුන්ට කන්න නැතුව පෝළිම්වල මැරිලා වැටුණත් ගජ මිතුරන්ගෙන් ගත් ණය ගෙවන්න තියෙනවනේ...!

:       1       13

Buddika Thursday, 21 April 2022 07:39 PM

අපොයි ඔව්. කාටවත්ම අසාධාරණයක් නොකර ගන්න ණයටික පරම්පරා අතර බෙදාහදා ගන්නවා නේද? අසාධාරණේ වෙන්නේ මේ රටට, ජනතාවට...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 796 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1209 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site