IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අපේක්ෂා රෝහලේ මුළුතැන්ගෙයි බඩු සොරාගත් 2ක් මාට්ටු

( ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාරපාන සැකසීම  සඳහා මුළුතැන්ගෙයි ගබඩා කර තිබූ වියළි ආහාර ද්‍රව්‍ය සොරා ගැනීමට පුරුදුව සිටි  පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම හා හෝමාගම පදිංචි (38 - 54) වයසේ පසුවන එම රෝහලේම අරක්කැමියන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.

මීට මාස කීපයක පමණ සිට අපේක්ෂා රෝහලේ රෝගීන්ට ලබා දීම සඳහා ගෙනැවිත් ගබඩා කෙරෙන වියළි ආහාර  තොග අවස්ථා කිහිපයකදී අස්ථානගතවීම පිළිබඳව එහි  පාලනාධිකාරියට තොරතුරු වාර්තා වීමත් සමග ඒ පිළිබඳව විමසිල්ලෙන් සිට වාර්තා වූ තොරතුරක් සම්බන්ධයෙන් මහරගම  පොලීසියේ පැමිණිල්ලක් සිදුකර තිබුණි .

ඒ අනුව  නිලධාරී කණ්ඩායමක් මහරගම  අපේක්ෂා රෝහලට ගොස් එහි මුළුතැන්ගෙයි පරික්ෂා කිරීමේදී එහි තිබූ හාල් , පරිප්පු , බී ළූණු සහ එළවළු ඇතුළු වියළි ආහර තොගයක් රෝහලෙන් බැහැරට ගෙන යාම සඳහා ත්‍රී රෝද රථයක පටවා තිබියදී මෙසේ හමු වූ  බව පැවසේ .

පසුව වියළි ආහාර ද්‍රව්‍ය පටවා තිබූ ත්‍රිරෝද රථය සහ රෝහලේ අරක්කැමියන් දෙදෙනකු අත්අඩංගුට ගත් අතර  ඔවුන්ගෙන්  ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම කලක සිට කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. අත්අඩංගුවට ගත් අරක්කැමියන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 

 



අදහස් (2)

අපේක්ෂා රෝහලේ මුළුතැන්ගෙයි බඩු සොරාගත් 2ක් මාට්ටු

prasanna Sunday, 09 July 2023 12:22 PM

මොවුන්ට හෙණම ගහනවා... අසරණ රෝගීන්ගේ කෑමට තියෙන දේවල් හොරකන් කරනවට...!

:       0       4

විපරමා Sunday, 09 July 2023 08:20 PM

දන්න කියන හුඟ දෙනෙක් නැසීගිය අය වෙනුවෙන් වියළි සලාක පරිත්‍යාග කරනවා. ඒ වගේම දානෙත් දෙනවා නේවාසික රෝගීන්ට.. ඒවාත් හොරාකනවා. පව් අසරණ රෝගීන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site