
( ටී.කේ.ජී.කපිල )
අන් අයෙකු සතු , වලංගු වීසා බලපත්‍රයක් හිමි ගමන් බලපත්‍රයක් යොදා ගෙන කැනඩාව බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තරුණයෙකු අද(05) ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 34 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .
ඔහු සිය ගුවන් ගමන් නිශ්කාශන කටයුතු නිමා කර , විගමන කවුළුව වෙත පැමිණ සිය ගමන් බලපත්‍රය එහි සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබේ .
එහිදී ගමන් බලපත්‍රයෙහි ඇති ජායාරූපය සහ මොහුගේ ජායාරූපය එකිනෙකට වෙනස් බවක් පෙන්නුම් කළ නිසා , මෙම ගමන් බලපත්‍රය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සදහා එහි සදහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කර තිබේ.
එහිදී මෙම ගමන් බලපත්‍රය හිමි තැනැත්තාට එරෙහිව ත්‍රිකුණාමලය අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවට ද කරුණු අනාවරණය විය .
ඒ අනුව මෙම තරුණයා ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
එහිදී මෙම තරුණයාගේ ගමන් මල්ල තුළ තිබී ඔහුගේ සැබෑ ජාතික හැදුනුම්පත සොයා ගැනීමට හැකි වී ඇති අතර , ඉන්පසුව ඔහු සියලුම සත්‍ය සිදුවීම ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ. .
අනුරාධපුර නගරයේ තැරැව්කරුවෙකු විසින් කැනඩාවට ගිය පසු , රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක මුදලක් ඔහු වෙත ලබා දීමේ පොරොන්දුව මත මෙම කැනඩාවේ වලංගු වීසා බලපත්‍රයක් හිමි මෙම ගමන් බලපත්‍රය ලබා දුන් බව මෙම තරුණයා අනාවරණය කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්සතු වීසාවලින් රට යන්න ගිහින් කොටුවෙයි