IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනියම් බිරියගෙන් සල්ලි ගෙන්වා ගන්න සිඟිත්තියට පහරදීලා

(නිමල් ජයරත්න, සහ රුමේෂ් එම් වීරසේකර)

විදේශ ගතව සිටින අනියම් බිරිඳගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවුරුදු එක හමාරක් වයසැති දියණියකට කෲර වධහිංසා ලබාදුන් තිස් හැවිරිදි තිදරු පියකු පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි,

සැකකරු නිත්‍යානුකූල විවාහයක් කරගෙන ඇති අතර ඔහු බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ තම නිවසට අවුරුදු එක හමාරක දියණිය ගෙන්වා කෲර වධහිංසා ලබාදෙමින්, පහරදෙන අයුරු වීඩියෝ කර අනියම් බිරිඳට යවා මුදල් ගෙන්වා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ඩබ්ලිව්. උපුල් බොලුකඳුර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

දියණියට කෲර ලෙස වධ හිංසා කරන වීඩියෝ,පියා විසින් විදේශගත සිටින අනියම් බිරිඳට යොමු කර ඇති අතර එම වීඩියෝ වට්ස්ඇප් මාර්ගයෙන් වේයන්ගොඩ සිටින මවට යොමු කර ඒ පිළිබඳ වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කරන ලෙසට මව විසින් දැන්වීමෙන් අනතුරුව දියණියගේ ආච්චි විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවද බකමූණ පොලිසිය සඳහන් කරයි,

අත්අඩංගුවට ගත් සැකකරු අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බකමූණ පොලිසිය සඳහන් කරයි.



අදහස් (5)

අනියම් බිරියගෙන් සල්ලි ගෙන්වා ගන්න සිඟිත්තියට පහරදීලා

රටවිරුවෝ Saturday, 11 March 2023 08:27 AM

තාත්තාට ගානක්වත් නෑ.. හිනාවෙලා ඉන්නේ හරියට මහා වීරකමක් කෙරුවා වගේ. කළු ටීෂාර්ට් එකක් දාගෙන ඉන්නේ ඒ තාත්තා වෙන්න ඇති මගේ හිතේ...

:       2       2

Shantha - Qatar Saturday, 11 March 2023 05:38 PM

පොඩ්ඩක් කල්පනා කරන්න බැරිද? පොලිසියේ අයත් එක්ක පින්තූර ගන්න ඒවිද වැරැදිකාරයා..?

:       0       0

Bunny Preena Saturday, 11 March 2023 09:28 AM

ඔය නරුමයාට කොහොම දඬුයමක් ලැබුණොත් ගමේ තරුණයින්ගේ උසාවියෙන් ජීවිතයට අමතක නොවන හොඳ පාඩමක් ලබාදෙන්න ඕනේ... එහෙම වුණොත් තමයි මේ වගේ අපරාධ නවත්වන්න පුළුවන් වෙන්නේ.. බෝඩ් එකක් කරේ එල්ලගෙන ප්‍රසිද්ධ ස්ථානවල හිටුවලා තියන්න. ඕනෑ කරපු වරද සඳහන් කරලා සහ ජනතාවගෙන් සමාව ඉල්ලලා... ඒවගේ දඬුවම් නොකර ඔයවගේ අය හදන්න බැහැ...

:       0       1

උඩුගම්පොල Saturday, 11 March 2023 01:12 PM

ඕක කියවනකොට අනුර අයියාට ඡන්දේ දෙන්නම හිතෙන්නේ මට විතරද? 89 මතක් වුණා. ඒ කාලේ එහෙමලු දඬුවම් දුන්නේ...

:       0       1

පැරකුම් Saturday, 11 March 2023 01:51 PM

මට නම් පෙනෙනවා මේකෙ තවත් පැත්තක්. දරුවගේ අම්මා නේද වඩා වැරදි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site