IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


අනතුරට පත් යානයේ නියමුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ,ගයාන් සූරියආරච්චි සහ රවීන්ද්‍ර ලියනගේ)

පිඩාවට පත් ජනතාව වෙත සහන සලසමින් සිටියදී වෙන්නප්පුව ගිං ඔයට කඩා වැටුන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකෝප්ටර් යානයෙ ප්‍රධාන නියමුවා මරණයට පත්වු බව මාරවිල මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වින්ඩ් කමාර්ඩ්ර් නිර්මාල් සියඹලාපිටිය නැමති ප්‍රධාන ගුවන් නියමුවා බව කියයි.

අදාල ගුවන් නියමුවා ඇතුළු පස් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකෝප්ටර් යානයෙන් පිඩාවට පත්වු පිරිසට ආහාර රැගෙන එමින් සිටියදී මෙලෙස හෙලිකෝප්ටර් යානයෙ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් වෙන්නප්පුව ගිං ඔය ආසන්නයේ ගිං ඔය පාලම මතට ගොඩ බැමට යාමේදි මෙලෙස ගිං ඔයට වැටි තිබුනී.

කෙසේ වෙතත් ගුවන් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය පිටතට පැන දිවි බේරා ගෙන තිබුණද බරපතල තත්වයේ සිටි ප්‍රධාන ගුවන් නියමුවා මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මරණයට පත්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සනාථ කළේය.

 



අදහස් (5)

අනතුරට පත් යානයේ නියමුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි

අබා Sunday, 30 November 2025 10:12 PM

ඔබට නිවන් සුව!!

:       0       0

පිටරැටියා Sunday, 30 November 2025 10:46 PM

හරිම කණගාටුදායකයි .නිවන්සුව අත්වේවා !

:       0       0

Ahmed (Gulf) Sunday, 30 November 2025 11:14 PM

ගුවන් හමුදාවේ නඩත්තු කටයුතු සඳහා අරමුදල් නොමැත, සියලුම හමුදාවන්ට "කුඩම්මගේ සැලකිලි " ලැබේ.

:       0       0

Lankaputha Monday, 01 December 2025 05:05 AM

පාලම මත සිටි මෝඩයන් වාහන ගොඩබෑමකට ගෙන ගියේ නැත. බොහෝ දෙනෙක් වීඩියෝ පටිගත කිරීම් කළ නමුත් ඔවුන් කරදරයක සිටින බව වටහා ගත්හ.

:       0       1

Chinthaka Monday, 01 December 2025 06:29 AM

එතුමන්ට ඉක්මන් ආත්මයකදීම සදා සැනසීම ඇති නිවන්සැප ලැබේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1199 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site