IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අන්තවාදය ගැන බොරු කිවැයි අත්අඩංගුවට ගත් ආචාර්යවරයාට ඇප

අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතා  ලක්ෂ 10 ක ශරිරී ඇපයක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය  නියෝග කර තිබේ.

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව ඒ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.


අන්තවාදය ගැන බොරු කිවැයි කොතලාවල සරසවියේ ආචාර්යවරයකු අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරියආරච්චි)

ඉන්දියාවේදී ඉකුත්දා සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිවු දෙනා ඇතුළුඅන්තවාදයට නැඹුරුවූ ශ්‍රී ලාංකිකයින් හාරසීයක් පමණ සිටින බවට වැරදි සහගත තොරතුරු පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ යැයි කියන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු පුන්සර අමරසිංහ මහතා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු බත්තර මුල්ල පැලවත්ත නව පාර්ලිමේන්තු පාරේ පදිංචි තිස් හතර හැවිරිදි අයෙකි.

රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කරන ලද තොරතුරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට කැඳවා පෙරේදා උදෑසන 10.00 පමණ සිට පැය හතකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මොහු සැකපිට අත්අඩංගුවට ගෙන අැත.

ජනතාව බියගන්වා කලබල වන අන්දමේ අසත්‍යය වාර්තා ප්‍රචාරය කළේ යැයි කියන චෝදනාව යටතේ සැකපිට මොහු අත්අඩංගුවට ගත් බව එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (7)

අන්තවාදය ගැන බොරු කිවැයි අත්අඩංගුවට ගත් ආචාර්යවරයාට ඇප

Don perea Thursday, 30 May 2024 01:11 AM

පාස්කු ප්‍රහාරයට පෙර පොලිසිය හැසිරුණු ආකාරය ඔබට මතකද?

:       0       1

kalawathi Thursday, 30 May 2024 05:52 AM

මේවා හොඳ වැඩ . අර චන්න ජයසුමන, තිස්ස ජනනායක වගේ උන්ටත් ඔය වැඩේම කලානම් හොඳයි .

:       14       17

Banda Thursday, 30 May 2024 05:57 AM

මේ කෙනා කියපු දේ හරි දවසක් එනවා. එවිට සෑම කෙනෙකුම මෙම පුද්ගලයාට ස්තූති කරනු ඇත.

:       13       14

සෙනෙවිරත්න Thursday, 30 May 2024 06:27 AM

මෙන්න කොතලාවල පීඨයත් ජෙප්පො කියල නොකියන්නේ මොකදැයි ,සමහර අයට ජවිපෙට දොස් තැබීම හැර වෙන වැඩක් නැහැනේ.

:       6       8

Indhika Thursday, 30 May 2024 06:50 AM

400 වැරදී කියන්නේ හරි ගාන රහස් පොලිසිය දන්නවා කියන එකනේ. කීයද හරි ගාන? 1000? 10,000? 100,000?. එයාල අතර ඔය අල්ලපු 4 දෙනාත් ඉන්නවද? ඇයි රහස් පොලීසියට එයාලව අල්ලන්න බැරි උනේ?

:       5       21

Fairoos Thursday, 30 May 2024 11:25 AM

අපේ රහස් පොලිසියට දේශපාලකයින්ට කඩේ යන්න විතරයි පුළුවන්.

:       0       0

Ahmed (Gulf) Thursday, 30 May 2024 03:30 PM

එය 400 නොවිය හැක, ශ්‍රී ලංකාවේ ISIS සාමාජිකත්වය 4000 හෝ ඊට වැඩි විය හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site