IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අන්තරේ සිසුන්ගේ පහර කැ පොලිසියේ තුනක් රෝහලට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බල මණ්ඩලය  කොළඹ  පවත්වන ලද විරෝධතාවයේදී සිසුන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් බුද්ධි අංශය රාජකාරි කරන කොස්තාපල්වරයකු ඇතුළු කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා  පොලිස් රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

නාරාහේන්පිට පොලිස් රෝහලේ කොස්තාපල්වරුන් දෙදෙනකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර මින් එක් කොස්තාපල්වරයකු ගේ දතක් කැඩි ගොස් ඇතැයි පොලීසිය කියයි.

නාරහෙන්පිට පොලිසියේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ එක් කොස්තාපල්වරයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය කියයි.

 



අදහස් (6)

අන්තරේ සිසුන්ගේ පහර කැ පොලිසියේ තුනක් රෝහලට

කිරිපුතා Thursday, 08 June 2023 09:28 AM

විශ්වවිද්‍යාල පද්ධතිය ම විනාශ කළ අන්තරේ නම් කාලකන්නි රැළ මෙහෙයවීමට ඕනෑම රජයක් පොල්ලක් අතට ගත්තේ යැයි දොස් නැගීමට සාමාන්‍ය ජනතාව උත්සුක නොවනු ඇත.

:       21       24

senaThursday, 08 June 2023 10:34 AM

අන්තරෙ නැතිනම් මෙලහකට රට කාටහරි විකුනලා.

:       25       23

Bamunuarachchi Friday, 09 June 2023 01:12 PM

අන්තරේ කාලකන්නි නිසා තමයි රටට කෙලඋනේ. අන්තරේ කාලකන්නි කවදද රට විකුනන්න එපා කියලා උද්ගෝෂණ කලේ? උන් කලේ කුරුටුගාමින් ටයි ජෙප්පන්ටයි රටේ බලය අරන් දෙන්න ගිහින් මඩ වතුර නාපු එකයි. මේ කාලකන්නි ජෙරම් නතිෂා වගේ දේශ ද්‍රෝහීන්ට විරුද්දව කථා කොලාද? අනුන්ගෙන් යැපෙන දරිද්ද්‍රතාවයෙන් පෙලෙන මේ පාහරයෝ රටටමහා විපතක්.

:       0       1

නිහාල් Thursday, 08 June 2023 01:33 PM

පොලිසියෙන් ගුටිකෑව ශිෂ්‍යයන් කී දෙනෙක් රෝහල්වල ද කියලා හොයලා බැලුවා ද? නෑ නේද?

:       0       0

Kumara Thursday, 08 June 2023 07:29 PM

අන්තරේ කී දෙනෙක් ඉස්පිරිතාලෙද කියලා උසස් පොලිස් නිලධාරියා කිව්වේ නැද්ද?

:       0       0

Bamunuarachchi Friday, 09 June 2023 07:42 PM

ඉස්පිරිතාලේ නොවෙයි මොවුන් මෝචරියට ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ.... මොකක්ද අපිට තිබෙන පාඩුව? කුරුටුගාමින්ට ජෙප්පන්ට පාඩුවේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site