IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අන්තර් පළාත් බස් නැවතුම් නීතිය 15 සිට ක්‍රියාත්මකයි

(යොහාන් භාසුර)

අන්තර් පළාත් බස් රථ නිෂ්චිත නැවතුම් පොළ නියමු ව්‍යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් එම ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (12)  පැවසීය.

මගීන් බස් රථයට ගොඩකරගැනීම සම්බන්ධයෙන් දුර ගමන් සේවා බස් රථ සහ කෙටි දුර බස් රථ අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වීමට පිළියමක් ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව කී මිරැන්ඩා මහතා 2019 වසරේ අනුමැතිය ලැබී තිබූ නව සංඥාාවක් සහිත පුවරු මේ වන විට සවි කරමින් ඇති බව ද සඳහන් කළේය.  

ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මහත්මිය පැවසුවේ අන්තර් පළාත් බස් රථ නැවතුම්පොළවල් ලෙස කොළඹ සිට ගිංතොට දක්වා ස්ථාන 37 ක් හදුනාගෙන එම ස්ථානවල මාර්ග දෙපස නව පුවරු සවිකර ඇති බවත් සාමාන්‍ය බස් නැවතුමේ ලාංඡනය වන කළු පැහැති බස් රථය සහිත සංඥාා පුවරුව තිබෙන ස්ථානවල අන්තර් පළාත් බස් රථ නැවැත්විය නොහැකි බවත් ඇය පවසන්නීය.

කහ පැවැති බස් රථ ලාංඡනය ඇති ස්ථානවල පමණක් අන්තර් පළාත් බස් රථවලට නැවැත්විය හැකි අතර කෙටි ගමන් සේවා බස් රථවලට ද එම නැවතුම්වල බස් රථය නැවැත්විය හැකි බව කී කරුණාරත්න මහත්මිය එය අනුගමනය නොකරන බස් රථවලට සාමාන්‍ය නීතිය සහ ජාතික ගමනා ගමන කොමිසමේ නිර්දේශ අනුව කටයුතු කරන බව ද සඳහන් කළාය. 



අදහස් (11)

අන්තර් පළාත් බස් නැවතුම් නීතිය 15 සිට ක්‍රියාත්මකයි

Sunil Friday, 12 May 2023 04:26 PM

හරියන වැඩක් නම් නෙවෙයි. මගීන් තවත් රස්තියාදු කරන වැඩක්. කෙටිදුර නැවතුමේ සිට දුර බස් නැවතුමට මගීන් තවත් බස් එකක හෝ පයින් යායුතුයිනේ...

:       3       18

බස්තියන් Friday, 12 May 2023 05:44 PM

දුර ගමන් සේවා නැවතුමේ කෙටිගමන් සේවා බස්වලට නවතන්න පුළුවන් කියලා හරියට කියෙව්වොත් තේරුම් ගන්න පුළුවන්... ඒකෙන් වෙන්නේ කෙටිගමන් බස් රථ දුරගමන් නැවතුමේ රස්තියාදු වීමෙන් දුර ගමන් යාමට සිටින මගීන්ට කරදර හිරිහැර වෙනවා කෙටිගමන් බස්කාරයෝ ඇත්තටම මගීන්ට ඉතාමත් හිරිහැරයක් කියලා කියන්න වෙනවා. එම තත්වය දැනුත් සිදුවෙනවා දුරගමන් ස්ථානයේ අරක්ගෙන සිටින බස්වලින් මුදල් ගන්නා නිකම්මු ගැනත් තීරණයක් ගන්නවා නම් හොඳයි...

:       1       18

Bunny Preena Friday, 12 May 2023 04:32 PM

මේවා හරියට අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් මට කියන්න තියෙන්නේ ‘‘පුදුමයි.. ඒත් ඇත්තයි ‘‘ කියලයි.

:       1       6

silva Friday, 12 May 2023 04:34 PM

හොඳම උදාහරණය... දෙහිවල ඉඳන් කොටකොට එන 100/101 වගේ එකකට නගිනවාට වඩා මිනිස්සු ඉක්මනට එන්න තමා දුර බස් වල එල්ලෙන්නේ.. විනාඩි 20 දුර බස් එකක් කොටුවට එනවා නම් අනික් ඒවා එන්න විනාඩි 45ක් විතර යනවා... මහලොකුවට රටේ produtivity ,time management ගැන කතාකරන මහ මිනිස්සු මේ පොඩි දේවල් හිතන්නේ නෑ. මෙතන බලන්නේත් තමන්ගේ හිතවත් බස් හිමියාගේ පොකට් එක ... මිනිස්සුන්ගේ කාලය ගැන කිසිම වගකීමක් නැති මේ බස් රටේ ඉන්ධන ප්‍රශ්නෙටත් වගකියන්න ඕන. කිසිම ප්‍රතිපත්තියක් නැති, තියන ප්‍රතිපත්තිත් එකිනෙකට නොගැලපෙන හැප්පෙන මේ රට කවදා හැදෙයිද?

:       1       42

Lalla Friday, 12 May 2023 05:28 PM

ඇත්තටම ඇත්ත...

:       1       10

චින්තකFriday, 12 May 2023 07:18 PM

ඔව්... බස්වල නොයන ලොකු නෝනලා විසින් ගන්න නෙගටිව් තීන්දු...!

:       2       13

සේනාරත්න Saturday, 13 May 2023 06:00 AM

හිතවත් බස් හිමියො නොවෙයි තමන්ගෙ බස් තියෙන්නෙ උදාහරණයක් හැටියට කෑගල්ල රත්නපුර බස් කාගෙද බලන්න අනෙක් ඒවායෙත් එහෙම වෙන්නෙ නැහැ කියලා කොහොමද කියන්නෙ.

:       0       1

පැරකුම් Friday, 12 May 2023 08:25 PM

ප්‍රයිවෙට් බස්වලට බස් හෝල්ට් කියල එකක් නැතිබව ඔය නෝනා දන්නේ නැතුව ඇති. කවුරු හරි කොතැනකදී හරි අත දැම්මොත් එතැන තමයි හෝල්ට් එක. ඉස්සෙල්ලා ඒවා හදලා ඉන්න...

:       0       0

Kumara Saturday, 13 May 2023 07:13 AM

කරලා බලන්න. හරිගියොත් අටපට්ටමට කියන්න.

:       0       0

SWW Deraniyagala Sunday, 14 May 2023 10:19 AM

කොට කොටා යන එකට පිළියමක් ඒක, නමුත් ක්‍රියාත්මක වෙයිද කියලා හිතන්න අමාරුයි...

:       0       0

රෝහණ Sunday, 14 May 2023 05:36 PM

බස්රථවල 90%ක්ම ටිකට් ලබානොදෙන බව සඳහන් කළ යුතුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 335 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 861 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1279 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site