IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


අන්තර් පාලනය විහිළුවක්

(යොහාන් භාසුර)

අන්තර් කාලීන හෝ කුමන හෝ ආණ්ඩුවක් ගැන සිතීමට පළමු කොන්දේසිය වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තබාගෙන හදන අන්තර් කාලීන ආණ්ඩු තේරුමක් නැති විහිළුවක් පමණක් බවත් ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (29) ‘ලංකාදීප’යට පැවසීය.

රටේ සමස්ත ජනතාව සති ගාණක සිට පාරට බැහැලා ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ සහ අගමැතිවරයාට මෙන්ම වර්තමාන ආණ්ඩුවට ඉවත්වන ලෙස කරන අරගලයට ඇහුම්කන් නොදී මෙවැනි ආණ්ඩුවක් පත්කිරීම තේරුමක් නොමැති බව කී ටිල්වින් සිල්වා මහතා පොහොට්ටුවේ කණ්ඩායමේ පිරිස අතර සමඟියක් හදාගැනීමට නොහැකිව තිබියදී සර්ව පාක්‍ෂික අන්තර් පාලන ගැන කථා කිරීම හස්‍යය දවන බව ද සඳහන් කළේය. 



අදහස් (19)

අන්තර් පාලනය විහිළුවක්

tdr Friday, 29 April 2022 07:39 PM

ඔබත් විහිළුවක්, ඔබේ පක්ෂයත් විහිළුවක්...!

:       59       70

Nihal WeerasuriyaSaturday, 30 April 2022 01:41 PM

පිටකොන්දක් නොමැති අය කවුදැයි හෙළිකර, ඒ අය නොසලකා හැරිය යුතුයි.

:       0       5

Rata PerataSaturday, 30 April 2022 04:59 PM

හොරකම් කරන අය ද? ඒ හොරු අල්ලන්න කතාකරන අයද විහිළු කරන්නේ?

:       0       7

Dr. Vajira Fernando Friday, 29 April 2022 08:01 PM

ටිල්වින් සහෝදරයා ඉතා නිවැරදියි. අරගලයේ ඉන්න තරුණ පිරිස් ඉල්ලන්නේ ගෝඨා ඇතුළු රාජපක්‍ෂවරුන් පාලනයෙන් ඉවත් විය යුතු බවයි. ඔවුන් බලයේ රැඳී සිටිමින් ගෙනඑන කවර ආකාරයේ ආණ්ඩුවකටවත් මේ තරුණයින් අරගල භූමියෙන් ඉවත් කළ නොහැකියි.

:       64       59

සුජිත් පල්ලේවත්ත Friday, 29 April 2022 09:51 PM

අරගලය කරන්නේ 225ටම ගෙදර යන්න කියලා මිසක් ඕගොල්ලන්ව ඕනා කියලා නෙමෙයි..එය එසේ නොවේනම් මෙම අරගලය නිර්පාක්ෂික අරගලයක් නොව මේ අයගේ අතකොලුවක් විය යුතුවේ. තමන්ගේ වාසියට හැම දෙයක්ම හරවගන්න එපා...ආදර්ශයක්දී පලමුව ඔබලා පාර්ලිමේන්තුවෙන් නික්ම යන්න.

:       0       0

චින්තක Saturday, 30 April 2022 05:26 AM

පොහොට්ටු බයියන්ට නොතේරුනත් දොස්තර විරාජ් ගේ අදහසත් සිල්වා මහතාගේ අදහසත් ඉතාමත් නිවැරදියි කියන්න පුළුවන්

:       0       0

ජුනයිඩ්Saturday, 30 April 2022 07:27 AM

ටිල්වින් සිල්වා ව්‍යවස්ථාව දන්නෙත් නෑ. අනිත් එක රටේ සමස්ත ජනතාව පාරට බැහැලාත් නෑ. ගෝල්ෆේස් එකේ තරුණයින් නිර්පාක්ෂිකයි. ඒ වැඩේට ජෙප්පන්ගේ උප්පැන්න වුවමනා නෑ.

:       4       1

BamunuarachchiSaturday, 30 April 2022 12:18 PM

හලෝ තරුණ පිරිසගේ ඉල්ලීම රටට අදාළ නැත. තරුණ පිරිසගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න ගිහිල්ලා තමයි 1971-1989 කාලේ රටට කෙල වුනේ. රටක හිතන්න මොවුන්ට තිබෙන අත්දැකීම් මොනවද? පාර්ලිමේන්තුවට ගියත් පසුපෙළ අසුනක් හම්බ වෙන්නේ... තරුණ පිරිස් ජීවත් වන්නේ දෙමාපියන්ගේ සල්ලි වලින්.. ඉන්නේ දෙමාපියන් ළඟ හැබැයි වෙනස් කරන්න හදන්නේ දෙමාපියන් ජීවත් වෙන ක්‍රමය. ගෝල්ෆේස් උද්ඝෝෂණය කරන රස්සාවල් තිබෙනවද? තිබෙනවා නම් කොහොමද ගෝල්ෆේස් පිටියේ ඉන්නේ?

:       9       4

චන්දන Friday, 29 April 2022 09:16 PM

අපි දන්නෙ ජනාධිපති ඉවත් වුනොත් අගමැති එම තනතුර ට යනව කියල . මෙයාල පැහැදිලි කළොත් හොඳයි ජනාධිපති අගමැති දෙන්නා ම ඉවත් වෙලා රජය ඉදිරියට ගෙන යන්න ව්‍යවස්ථාවේ ඇති සම්පාදන මොනවද කියල .

:       0       0

Puthano Friday, 29 April 2022 09:20 PM

මුන්ට දැන් කක්ක ගිහින් ඉන්නෙ. බලය හම්බ උනොත් මොකද කරන්නෙ කියල​. කටේ නරි වාදන් විතරයි. මෙලෝ වැඩක් කරල නැහැ රටට.හෙනයක් මිස​

:       0       0

Praba Friday, 29 April 2022 10:17 PM

Go කියන්නෙ යන්න. Home කියන්නෙ ගෙදර.

:       0       0

දර්ශන පෙරේරා Saturday, 30 April 2022 12:41 AM

මේ කවුරුවත් ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන බවක් පේන්න නෑ. හැමෝටම ඕන කොහොම හරි ආණ්ඩු බලය ගන්න. ඒකයි මහජනතාව මේ හැමෝටම ගෙදර යන්න කියන්නෙ. දැනට රටේ පවතින ආර්ථික අර්බුදයට ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන්න මේ කිසිම කෙනෙක්ට බෑ. මෙතෙක් ඉදිරිපත් වෙලා තියෙන හොදම ක්‍රමය තමයි අර පවුල සහ හිතවතුන්ගේ වත්කම් රජයට පවරා ගැනීම. නමුත් ඒ දේ ප්‍රායෝගිකව කරන්න අපහසුයි. හේතුව ඔවුන්ගෙ වත්කම් සඟවා තියෙන රටවල් මුදල් විශුද්ධිකරනයට ප්‍රකටයි. ඒ රටවල් වලින් කිසිම තොරතුරක් ලංකා රජයකට ලබා දෙන්න බැඳිල නෑ. දැන් රටේ මිනිස්සු ලොකු අමාරුවක වැටිල ඉන්නෙ... මේ විදියට ගියොත් 225 1 ට යන්න වෙන්නෙ පෙට්ටි වල තමයි.

:       0       0

Don prabhath Saturday, 30 April 2022 08:38 AM

එකම ඔලු කරකැවීම විහිළුවක් තමයි..

:       0       2

kasun Saturday, 30 April 2022 09:01 AM

මෙයාලටත් ඕනෑ බලය ගන්න මිසක් රට හදන්න නෙවෙයි. මේ වෙලාවේ එකතුවෙලා මේක ගොඩදාන්න ඕනි නෑ... තවත් මේක අවුල් කරලා කොහොමහරි බලය ගන්න ඕනෑ..

:       3       3

P. D Goonawardena Saturday, 30 April 2022 09:08 AM

සහෝ, තමුන් එක්කම විහිළුවක් වෙලා තියෙන්නේ...

:       4       3

chandima Saturday, 30 April 2022 09:13 AM

රට බාර දෙන්න ඉන්නේ ඔය 225 විතරමද? රටේ අනික් කෝටි දෙකම හරක්ද? මේ 225 නැතිවුණොත් රට විනාශ වෙලා යනවාද? 

:       0       4

මැක්ස් Saturday, 30 April 2022 09:42 AM

ඊයේ පෙරේදා තිස්සමහාරාම උද්ඝෝෂණයකට සම්බන්ධ වෙන්න ගිහින් එතැනිනුත් මෙයාලාව එලෙව්වා. ගාලු මුවදොර නාඩගමට හිමිකම් කියන්න ගිහින් එතැනිනුත් ප්‍රතික්ෂේප වෙලා දැන් බයිලා කියනවා. ඕවා වැඩක් නෑ. තමගේ අනන්‍යතාව තියාගෙන වගකීමක් අරගෙන වැඩක් කරලා රටට පෙන්නන්න. එතකොට ජනතාව ඔහෙලාට බලය දෙයි. හැබැයි අර වැව් 1000 හැදුවා වගේ බොරු නම් අපට එපා.

:       4       3

san Saturday, 30 April 2022 12:55 PM

ව්‍යවස්ථාව දන්නේ නැති බබාලා වගේ මෙයා දොඩවන්නේ. ජනාධිපති අස්වුණොත් මේ වෙලාවේ වැඩි ඡන්දයෙන් පත්වෙන්න බැසිල්ට වුණත් පුළුවන්. දෝෂාභියෝගය ගැන 2/3 සම්මත වෙලා අනුමැතිය අරන් 2/3 සම්මත වෙනකොට ටිල්වින්ලා තවත් නාකි මයිනො වෙලා ඉඳීවි...!

:       3       4

Sk Saturday, 30 April 2022 05:11 PM

කටින් බතල හිටවනවා විතරයි. රටේ අර්බුදයට විසඳුමක් දෙන්න බැරි ජාතියක්...

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site