(නිමන්ති රණසිංහ)
පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් විදෙස් ගතවීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කොටුව පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම් වූයේ වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, ජෝෂප් ස්ටාර්ලින්, රංගන ලක්මාල්, එරංග ගුණතිලක සහ ජීවන්ත පීරිස් පියතුමා යන අය ගේය.
මෙම සිද්ධියට අදාළව සමාජ ක්‍රියාකාරී රවිදු සේනාරත්න නොහොත් ‘රැට්ටා’, රත්කරව්වේ ජිනරතන හිමි, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජොහාන් අප්පුහාමි ඇතුලු නව දෙනකු කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අන්තරේ කැඳවුම්කරු ඇතුළු හයකට විදෙස් ගමන් තහනම්
darma Monday, 25 July 2022 03:56 PM
අම්මෝ දැන් මාර ප්‍රසිද්ධයි. ඡන්දෙ ඉල්ලන්න ලකුණු ගොඩක් වැටෙනවා...
කොරිඩෝ සාලිය Monday, 25 July 2022 04:37 PM
මුදලිගේ මල්ලි මම කොරිඩෝ එකට වෙලා බලන් හිටියේ අද නුඹ අරන්එයි කියලා නඩුව කතාකරන්න. මේ ටිකේම ලොස් මල්ලි...
Bamunuarachchi Monday, 25 July 2022 04:43 PM
මේ ගොල්ලන්ට මොන විදෙස් ගමන්ද? යතොත් උඩරට නැත්තන් මතුරට තමයි. අයිලන්ඩ් එක දාල ගියොත් ස්ලෙව් අයිලන්ඩ් තමයි යන්නේ...
fairoosMonday, 25 July 2022 05:43 PM
ඒකට අපේ සර්... පැදුරටත් හොරෙන් රටින් පැන්නා නේද බමුණා..?
SanthuMonday, 25 July 2022 08:45 PM
ඒ මනුස්සයා පන්නා ගත්තා කියලා මැත දෙඩුවාට යවන්න ඕනෑ අය යහතින් ඔය ඉන්නේ... මැති සබයේත් ඉඳගෙන වෙව්ල වෙව්ලා. ඒ සාපය මේ වදින්නේ...
BamunuarachchiTuesday, 26 July 2022 06:59 AM
ඉතින් සර් නවත්ත ගන්න තිබුණනේ? හලෝ අපි මේ කතා කරන්නේ අපේ රට ගැන... ගම්මිරිස් හොයාගත්තා නම් අපිට පව් නොදී යන්න අන්න බෝට්ටුව...
fairoosMonday, 25 July 2022 06:54 PM
ඒකට අපේ සර්.. පැරදුණත් හොරෙන් තමයි පැනලා දිව්වේ...
BamunuarachchiTuesday, 26 July 2022 07:04 AM
සර් ගියා හම්බයින්ට හොඳට රිදෙන්න දීලා. සර්වපාක්ෂික ආණ්ඩුවට හම්බ පක්ෂ නැහැලු...
BamunuarachchiTuesday, 26 July 2022 03:01 PM
සර්ගේ මගුලක් නොවෙයි හලෝ කතා කරන්නේ... රට වනසන අරගල කාරයෙක් ගැන. මෙයාට පනින්න රටක් නැහැ.
JAYASEKARA Monday, 25 July 2022 05:04 PM
රට යනවා තියා මේ ගොල්ලන්ට පාස්පෝට් එකක්වත් තියෙනවද දන්නේ නැහැ...
Prase Monday, 25 July 2022 06:24 PM
මොවුන්ට රට යන්න තියෙන එකම සුදුසුකම, අරගල වෘත්තීය පිටරටවල්වල ඕවාට ජොබ් තියෙන්නේ හිරේ ඉන්න එක.. ඒකටත් සුදුසු නෑ මේ කැම්පස් කට්ටිය...
Sujeewa Monday, 25 July 2022 08:37 PM
අවුරුදු 9ක් ගිහින් වසර 4ක කළ උපාධියක්... මිහින්තලා විශ්ව විද්‍යාලයෙන් ගන්න බැරිවෙච්චි කෙනා කොහේ යන්නද? බින්තැන්නට නම් යන්න පුළුවන්. හැබැයි ඒකට වීසා ඕනෑ නෑ නේද? ඒකෙනුත් වුණේ රජරට කලා උපාධිය තවත් බාල්දු වීම පමණයි.
මේනකා Monday, 25 July 2022 10:21 PM
මේ කට්ටිය තමයි රට කන්නේ. ඕකට තව කෙනෙක් අඩුයි...
Kumara Monday, 25 July 2022 10:56 PM
අරගලයටම ජයෙන් ජයම වේවා...!
Nimal Tuesday, 26 July 2022 12:13 AM
රට නෙවෙයි යන්න ඕනේ දඹානට...
කමල් Tuesday, 26 July 2022 06:03 AM
මොවුන් නීති විරෝධී වැඩකර ඇතිනම් හිරේ යන්න වෙනවා. අරගල මුවාවෙන් භීෂණය ඇති කිරීමට ඉඩ නොදිය යුතුයි...