IMG-LOGO

අන්තර්වාර පාලනය ගැන පොහොට්ටුවේ ලේකම්ගෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ )

ක්‍රියාත්මක කිරීමට යන අන්තර් වාර පාලනය කුමක් දැයි  ජනාධිපතිවරයාගෙන් මුලින්ම  දැනගත යුතු බවත්  ඊට පක්ෂයක් හැටියට සම්බන්ධ වෙනවාද නැද්ද යන්න තීරණය කළ හැක්කේ ඉන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

අන්තර්වාර පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති අලුත් සංකල්පයක්  හෙයින් එය  කුමන ආකාරයට ක්‍රියාත්මක වන්නක්  දැයි පක්ෂයක් හැටියට  මුලින්ම දැන ගත යුතු වන  බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් දැනුම්වත් කර නැතැයි පැවසූ කාරියවසම් මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී හමුවී ඒ සම්බන්ධයෙන්  අදහස් ලබා ගැනීමට  බලාපොරොත්තු වන බවද  ප්‍රකාශ කළේය.

පක්ෂයේ  මෙම ස්ථාවරය ජනාධිපතිවරයාගේ අදහසට විරුද්ධවීමක් නොවන බවත්  රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපතිවරයා මහ නායක හිමිවරුන්ට විශේෂිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට එකඟවීම සාධනීය තත්වයක් බවත්  සාගර කාරියවසම් මහතා පැවසීය.

අන්තර්වාර පාලනය  සම්බන්ධයෙන්  ගෙන ඇති තීන්දුව ගැන පක්ෂය  විශේෂ අවධානය යොමු කර ඇතැයි  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (7)

අන්තර්වාර පාලනය ගැන පොහොට්ටුවේ ලේකම්ගෙන් ප්‍රකාශයක්

ukran Friday, 29 April 2022 06:08 PM

අනේ, කපුටු කාක් නිසා රටම විනාශ කරලා තව කියවනවද?

:       1       35

Rata Perata Friday, 29 April 2022 06:46 PM

දන්න ඉටිගෙඩියක් නෑ. මේ අය තමයි අපිව අන්දන්නේ...

:       1       31

Lalith M Friday, 29 April 2022 07:01 PM

මෙයාගේ මුහුණ දකින්නත් ඕනෑ නෑ. මහජනතාව පීඩාවට පත්කරන තුට්ටු දෙකේ කතා...

:       1       36

Hafeel Friday, 29 April 2022 07:06 PM

රටේ වත්මන් අර්බුදය විසඳන මාර්ගයක් නම් පේන්න නම් නැහැ. මේක කල්මැරීමක් මිස අවංකභාවයක් නැහැ. ජනාධිපති, අගමැති, ආණ්ඩුව සහ විමල් මෛත්‍රි පිල මේ සේරම කරන්නේ රඟපෑමක්.

:       1       40

MO77 Friday, 29 April 2022 08:05 PM

බහුතරයක් ජනතාවක් මේකට වගකියන්න ඕන. මොකද පොහොට්ටුවට තුනෙන් දෙක දෙන්න මහර දැඟලිල්ලක් දැඟලුවේ. රට රකින විරුවා ගේන්න ඒ වගේම. දැන් රට වැනසූ විරුවා වෙලා තියෙන්නෙ

:       0       0

Deepal Nirosh Saturday, 30 April 2022 10:21 AM

ඒ පාර, මේ කවුද? මොනවද කරන්නේ? අනේ සාගර ගෝ හෝම්...

:       0       4

එඩ්වඩ් ඩොමිණිකෝන් Saturday, 30 April 2022 06:52 PM

සතපහකට විශ්වාස කරන්න බෑ.. සේරම අවස්ථාවාදීන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 717 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site