IMG-LOGO

’’අන්තර්වාර ආණ්ඩුවකට ජනපති අගමැති එකඟ වුණා’’

(ඩයනා උදයංගනී)

සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි  ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

රටේ වත්මන් තත්ත්වය අනුව මෙම අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා පවතින අමාත්‍ය මණ්ඩලයට කටයුතු කළ නොහැකි බව ද හිටපු ඇමතිවරයා කීවේය. 

 ඒ නිසා කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සර්වපාක්ෂික හෝ බහුපාර්ශ්වික ගිවිසුමකට එළඹෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද වීරවංශ මහතා කීය

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.



අදහස් (22)

’’අන්තර්වාර ආණ්ඩුවකට ජනපති අගමැති එකඟ වුණා’’

kapila Sunday, 03 April 2022 05:58 PM

ඒත් ඉතින් නව අන්තර්වාර පාලන මණ්ඩලයේ ඉන්නේ බැසිල්, ජොන්ස්ටන්, රෝහිත, නාමල්, මහින්ද, ලොකුගේ, පවිත්‍රා, ආදී සෙට් එක පමණයි. වීරවංශ, ගම්මන්පිල, වාසු ඩමී හැටියට තියාගනියි. රට එතැනමයි. මේකත් රාජපක්ෂලා රකින උප්පරවැට්ටියක්....

:       7       107

මහජනතාව Sunday, 03 April 2022 05:59 PM

මුදල් ඇමැති වහාම ඉවත් කරන්න... !!!

:       6       66

ravin Sunday, 03 April 2022 06:00 PM

රවට්ටපු කාලෙ ඉවරයි... කොයි කොයි දේටත් ජනතා ප්‍රතිචාරය බලාගෙන ඉන්නකෝ...

:       4       82

Prabha Sunday, 03 April 2022 06:28 PM

හවුලේ කරන ආණ්ඩුවලින් හොරු අල්ලලා හොරාකාපු සල්ලි, ආපහු ගනී කියලා තමයි බය...

:       1       55

Saman Sunday, 03 April 2022 06:29 PM

ආයෙත් හොර පාරෙන් බලයට එන්න හදන්නේ... මහජනතාව ඕවාට රැවටෙන්නේ නෑ.

:       2       70

Rohana Sunday, 03 April 2022 06:37 PM

මේකත් ඉතින් පවතින ආණ්ඩුවේම ෆොටෝ කොපියක්නේ...

:       2       64

Praba Sunday, 03 April 2022 06:38 PM

මම ලොකුවට කෑගැහුවේ ඕකට තමයි. අන්තර් වාරයක් හදලා රාජපක්ෂලාව ආරක්ෂා කරන්න...

:       2       70

Saman Sunday, 03 April 2022 06:39 PM

ඉස්සර වෙලාම පාර්ලිමේන්තුවට දෙන වරදාන අඩු කරන්න ඕනේ...

:       1       53

Perera Sunday, 03 April 2022 06:57 PM

මෙයාලවත් ගහලා එළවන්න ඕනෑ...

:       1       39

MO77 Sunday, 03 April 2022 07:02 PM

උඹලා හිතෙනවද ජනතාව මෝඩයින් කියලා. ඔය කුට්ටම ඇනුවාට ප්‍රශ්න විසඳෙන් නෑ. කියන්න මහා එකාට පන්නපු ඩොලර් බිලියන 19 ගේන්න කියලා...

:       3       54

MohanSunday, 03 April 2022 07:51 PM

ක්ෂණික විසඳුම පන්නපු ඩොලර් බිලියන 19 ගේන එක... ඊළඟට බැඳුම්කර ඒ සල්ලි ටික ගන්න එක... එතකොට සංචිත ඩොලර් බිලියන 30 කට වඩා වැඩිවෙනවා.

:       3       41

දයාරත්න Sunday, 03 April 2022 07:11 PM

2010-2015 සහ 2015-2020 පාලනය කළ අය ඔය මණ්ඩලයට නම් එපා...

:       3       27

Kumara Sunday, 03 April 2022 07:20 PM

වීසා එකක් හදාගන්න ඉතියෝපියාවට...

:       1       32

Jagath Sunday, 03 April 2022 07:22 PM

ජනතාව රැවටෙන්නෙපා.. මෙයා රාජපක්ෂලාගේ ලොකු කොන්ත්‍රාත්තුවක් බාර අරගෙන ඉන්නේ...

:       2       51

Sriland Sunday, 03 April 2022 07:29 PM

විමල් ඇතුළු කණ්ඩායම කරන්නේ ආණ්ඩුව බේරාගැනීමේ සැලසුමක්ද?

:       3       40

⁣සෙනෙවි Sunday, 03 April 2022 07:41 PM

මේක හෙට, අනිද්දා විරොධතා නතර කරවාගෙන ඇමතිලගේ දේපළ බේරගන්න, සහ රාජපක්ෂවරුන්ට කල් මැරීමට යොදන උපක්‍රමයක් නොවිය යුතුයි. ජනාධිපති උදුරාගත් බලතල පාර්ලිමේන්තුවට ආපසු දී සොරකම් කළ ධනය නැවත ලබාගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කළහැකි විය යුතුයි. නැත්නම් කෙනෙක් කීවා වගේ කුට්ටම ඇනීමක් පමණක් වනු ඇත.

:       1       31

සංහිද Sunday, 03 April 2022 07:44 PM

ඔය කවුරුවත් එපා...

:       2       28

Bernard Perera Sunday, 03 April 2022 07:59 PM

මේ සේරම කට්ටිය හොරු. ආණ්ඩුවේ ඉඳන් හොරකම් කරන කොට දැක්කේ නෑ වගේ හිටියේ. තවත් මහජනතාව අන්දවන්න එන්න එපා. අන්තර් පාලනයක් දාලා ඉතුරු ටික මුන් කන්න බලන්නේ... තවත් නාඩගමක් නටන්න ලෑස්ති වෙන්නේ. බොරුවෙන් තමයි ජීවත් වෙන්නේ... කොහොමද මෙයා පහුගිය කාලේ කඩේ ගිය හැටි...?

:       1       31

jagath Sunday, 03 April 2022 08:14 PM

තවත් ආණ්ඩු සාදන්නට යාමෙන් සිදුවන්නේ ඇමැතිකම්වලට පොරකෑම පමණි. එවැනි දෙයකින් රටේ ප්‍රධානම ප්‍රශ්නය වන විදේශ ණය අඩුවන්නේ නැහැ.

:       0       31

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 03 April 2022 08:18 PM

මෙතුමා ඇතුළු සෙට් එක කළේ රඟපෑමක් දෝ කියා හිතෙනවා. රට මේ තත්වෙට ඇදදැමූ කිසිවෙකු සිටිනා ආණ්ඩු නම් ජනතාවට තවත් එපා. කැලේ මාරු වුණාට පුල්ලි මාරුවෙන්න නැහැ. පෙර සිටි සතුන්මයි...

:       2       33

රාජුන් Monday, 04 April 2022 08:41 AM

ලංකාව තුල මහජනකා ඇන්දවීමට දායකවුන ප්‍ර්ධානියෙක් මේ දිව දෙකේ තකා කියන වසලයා. මෙන්න මුන් තමයි රටම කෑවෙ

:       0       0

udaya Monday, 04 April 2022 10:28 AM

නාටකේ හොඳටම ලියලා තියෙන්නේ, ආයෙත් කොලේ වහලා ගාණට අන්දන්න වගේ නේද? කොහේ ගෙනියන්නද ඕවා...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 355 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 524 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 220 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site