
(අංජුල මහික වීරරත්න)
විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත (මහ මුහුදේ අන්තරායකර ඖෂධ ජාවාරම් තහනම් කිරීම) සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන ලද යෝජනාව 2025-02-09 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇත.
එහිදී අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගෙන, මූලික කෙටුම්පතක්/ සංකල්ප පත්‍රිකාවක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත. ඒ අනුව, අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගෙන, විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සඳහා වන සංශෝධන හඳුනා ගනු ලැබ තිබේ.
එකී සංශෝධන මත පදනම්ව විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනයට