(අජිත්ලාල් ශාන්තඋදය)
සිමෙන්ති පටවාගෙන ධාවනය වු ලොරි රථයක් කොළඹ රත්නපුර ප්‍රධාන පාරේ කුරුවිට, පැරඩයිස් ප්‍රදේශයේ දී අද (17) පාරෙන් ඉවතට පැන සිදු අනතුරකින් එහි ගමන් ගත් යුද හමුදා සැරයන් වරයෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පැවසුවේය.
කොළඹ සිට හම්බන්තොට දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මෙලෙස අනතුරට පත්ව තිබුණි.
එය පෞද්ගලික ලොරියක් වුවත් යුදහමුදාවට බදු පදනම මත ලබාගත් එකක් බව ද පොලිසිය පැවසුවේය.
අනතුර පත් ලොරිය පදවා ඇත්තේ යුදහමුදා රියදුරෙක් බවද පොලීසිය පැවසුවේය.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ යුදහමුදා සෙබලුන් තිදෙනෙක් ගමන් කර තිබේ. රියදුරුට හා අනෙක් සෙබළාට සුලු තුවාල සිදුව ඇති බව ද පොලීසිය පැවසුවේ ය.
මියගොස් ඇත්තේ ලොරියේ රියදුරු අසුනට විරුද්ධ පැත්තේ ගමන් කළ හමුදා සැරයන් වරයා බව ද පොලීසිය පැවසුවේය.
කුරුවිට පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මිණිපුර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අනතුරින් හමුදා සැරයන් මරුට