(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල විසින් ගාලුමුවදොර දක්වා ඊයේ (24) සංවිධානය කර තිබු උද්ඝෝෂණයට පොලිසිය බාධා කිරීම ඇතුලු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මණ්ඩලය විසින් පොලිසියට එරෙහිව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (25) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම විරෝධතාව හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් ඉල්ලංඝනය කිරීම, මාර්ගය හාරා පොදු දේපළ වලට හානි කිරීම, උල්කටු සවිකළ මාර්ග බාධක යොදා හිතා මාතා තුවාල සිදුකිරීමට කටයුතු කිරීම, සිසුන්ගේ නිවෙස් වෙත ගොස් දෙමාපියන් බියගැන්වීම යන කරුණු මුල් කරගෙන සිසුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අන්තරේ විරෝධතා පා ගමනට බාධා කරමින්, ගාලුමුවදොර සිට කොළඹ කොටුවටත්, කොළඹ කොටුවේ සිට ගාලුමුවදොර දක්වාත් සිසුන් මෙන්ම ජනතාවට ඇතුලු වීමට නොහැකි වන අයුරින් ස්ථීර මාර්ග බාධක සවිකිරීමෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිදු කළ බවත්, ඇතැම් මාර්ග බාධක සවිකිරීමෙන් මාර්ගයට අලාභ හානි සිදුකර තිබු බවත්, එය පොදු දේපළ වලට හානි කිරීමක් බවත් , එය පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් බවද හෙතෙම කියා සිටියේය.
ඇතැම් මාර්ග බාධක වල අගල් දෙකක් තුනක් වන උල් කටු සවිකොට ඒවා කලු රෙදිවලින් ආවරණ කර එම මාර්ග බාධක තැන තැන තබා තිබු බවත්, එහි ගැටෙන ඕනෑම කෙනෙකුට හිතා මතාම තුවාල සිදුවන අයුරින් පොලිසි එම මාර්ග බාධක තැන තැන දමා තිබු බවත්, හෙතෙම පැවසීය.
මෙම විරෝධාතව සංවිධානය කළ මුල්පෙළේ සිසුන්ගේ නිවෙස් වෙත පොලිස් ගොස් දෙමාපියන්ට බිය කර, උසාවි නියෝග ලබා දීම, ඇතුලු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම කරුණු මුල්කරගෙන අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිපත් කළ බවද වසන්ත මුදලිගේ සිසුවා වැඩිදුරටත් කියා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අන්තරෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්
Bamunuarachchi Monday, 25 April 2022 08:51 PM
අන්තරේ කියන්නේ තමන් ඉගෙන ගන්නෙත් නැති, අනික් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැති විශ්ව විද්‍යාලකාරයෝ කියන ජෙප්පන් සෙට් එකක්. කව්ද එයාලාව මායිම් කරන්නේ?