
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ එස් හේරත්)
මාදම්පේ හැඩබණ්ඩාරගම හන්දියේ දී ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පියා සහ දියණිය එම ස්ථානයේ දී ම මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය පවසයි.
අනතුර සිදු වීමෙන් පසු රියැදුරා ලොරි රථය දමා පලා ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මාදම්පේ හැඩබණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි නිහාල් පෙරේරා නැමැති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ දියණිය වන සිතුෂි පෙරේරා නැමැති 16 හැවිරිදි පාසල් සිසුවියකි.
එම සිසුවිය මාදම්පේ සේනානායක ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.
මාරක අනතුර සිදුකර පළාගිය ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරින් පියා - දියණිය මරුට
TRUTH Sunday, 03 September 2023 12:00 PM
මේ අයට පොලිසියෙන් දඬුවම් දෙන්නේ නැහැ.