IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අනතුරින් ගාලු බාලදක්ෂ කොමසාරිස් මරුට

(එම්.සුසිල් පියන්ත)

ගාලු පාරේ බළපිටිය බේරතුඩුවේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු මිය ගොස් ඔහුගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මේ අනාතුරින් මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විදුහලේ ආචාර්යවරයකු හා ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු වන බළපිටිය සිරිසේන මාවත පදිංචි අගම්පොඩි ගාමිණී සේපාල ද සොයිසා නමැති පනස් හය හැවිරිදි තිදරු පියෙකි.

පෞද්ගලික නිවසක පැවති උපකාරක පංතියකින් සිය දියණිය රැගෙන නිවස බලා යතුරු පැදියෙන් යමින් සිටියදී ක්‍රියා විරහිතව නතර කර  තිබූ බස් රථයක ගැටී මේ අනතුර සිදුව ඇතැයි  පොලීසිය කියයි.

මේ අනතුරින් තුවාල ලැබූ මිය ගිය තැනැත්තාගේ දියණිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලීසිය කියයි.

 



අදහස් (4)

අනතුරින් ගාලු බාලදක්ෂ කොමසාරිස් මරුට

සමීර ශාන්ත Saturday, 13 May 2023 11:00 AM

අනේ මගේ සර්. දෙවියෙක් වගේ ගුරු පියාණන් කෙනෙක්. මා දකින ලෝකයේ හොඳම ගුරුපියාණන් ඔබයි... ආදරණීය ගාමිණී ගුරුපියාණනි...! අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ සිසුන්ට ඔබ තාත්තා කෙනෙක් වගේ. සිසුන් වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය, වාහන, මුදල් ඔබ වැය කළා. කෘෂිකර්ම විෂය, පරිසර නියමු භට, බාලදක්ෂ, සෙන්ජෝන් ගිලන්රථ, හස්ත සංඥා කණ්ඩායම්, ආදි විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට නායකත්වය දුන්නා. එකවරක් ඔබ වාහන අනතුරක් වෙලා කකුල කැඩිලා ගෙදර හිටියා. එත් ඔබට පාසල් දරුවන් නොදැක ඉන්න බැහැ. ඔබ බාලදක්ෂ කඳවුරක් ගෙදර ඇතිකරලා ළමයින්ට කන්න බොන්න දීලා මාසයක් බාලදක්ෂ ක්‍රියාකාරකම් ඉගැන්වූවා. තමන්ගේ දරුවන් වගේ අනිත් දරුවන්ට සැලකුවා. නායකත්ව ගුණාංග කියලා දුන්නා. ඔබ සිටින අවධියේ එකදිගට වර්ෂ ගණනාවක් ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ඔබේ බාලදක්ෂ කණ්ඩායමෙන් ඔබ බිහිකළා. සමාජ සේවා රැසක් ඔබ අතින් ඉටු වුණා. රැයක්, දහවලක් නැහැ පාසලේ ගතකළා.. අනේ සර් මොකද වුනේ මේ... 2005 වර්ෂයේ දී බලපිටිය කොට්ඨාසයේ ප්‍රථම ජනපති බාලදක්ෂයා ඔබ බිහි කළා... ලබන ආත්මයෙත් මගේම ගුරුපියාණන් වෙලා එන්න සර්...!

:       2       13

Bunny Preena Saturday, 13 May 2023 12:33 PM

කණගාටුදායක පුවතක්... සමහර දෙමව්පියන්ට රෑට නින්දට යනකන් දවස පුරාම වැඩ. රටේ වෙන දේවල් දැක්කාම දෙමව්පියන් තම දරුවන් තනියෙන් උපකාරක පන්තිවලට යවන්න අකැමැතියි. නතර කර තිබූ වාහනයක ගැටී මිය ගියා කියන්නේ, එතකොට මෙතුමාට නින්ද ගියාවත්ද? නැතිනම් හෘදයාබාධයක් හැදුණාවත්ද? ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

:       1       0

ලුම්බිණි Saturday, 13 May 2023 05:40 PM

ඉතාම කණගාටු දායකයි...!

:       3       1

රන්ගන Saturday, 13 May 2023 07:12 PM

සර්... හොඳ කෙනෙක්. හොඳ ගුරුවරයෙක්. හොඳ මනුස්සයෙක්. මමත් පාසල් කාලේ ඉතා ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. නිවන්සුව පතනවා සර්ට. අවාසනාවන්ත සමුගැනීමක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 334 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 857 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1277 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site