(ඩයනා උදයංගනී)
ආර්මේනියා රාජ්‍යයේ යෙරෙවාන් හිදී ඉකුත් දා පැවති අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂාන් අරුමෝලී ශිෂ්‍යයා සමත්විය.
ඔහු යාපනය හින්දු විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.
රටවල් 64 ක් සහභාගී වූ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකව නියෝජනය කරමින් සිසුන් සිවුදෙනකු සුදුසුකම් ලැබ තිබූ අතර, ජූලි 10 සිට 18 දක්වා පැවති එම තරඟාවලිය ප්‍රායෝගික සහ න්‍යායික යන කොටස් දෙකකින් සමන්විත විය.
බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලයේ ප්‍රවීන් තෙන්නකොන්, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිළුනි වික්‍රමතිලක, කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ කාර්තික් ප්‍රවීන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට සහභාගී වූ අනෙක් සිසුහු වෙති.
තරගාවලියේ විශේෂ ජූරි සභිකයන් ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එම්.ජයන්ත විජේරත්න යන මහත්වරු ද සහභාගී වූහ.
ශ්‍රී ලංකා ජීව විද්‍යා ආයතනය මගින් ජීව විද්‍යා අංශයෙන් 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් අතර, පැවැත්වූ තරගාවලියකින් අනතුරුව ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කිරීම සඳහා මෙම සිසුන් තෝරාගෙන තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්