IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අධිවේගී මාර්ග ටිකට් කවුළුවලට ආබාධිතයන්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධිවේගී මාර්ග වල ප්‍රවේශපත්‍ර කවුළුවල රාජකාරි සඳහා ලෝකයේ දියුණු රටවල මෙන්  ආබාධිත පිරිස්  යොදවන්නැයි  ප්‍රවාහන හා මහා මාර්ග   අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවසමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.

ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර හිතුමතේ   පාරවල් හැදීම  හේතුවෙන් ආර්ථික බංකොලොත්භාවයට පාර කැපුණු බවද  ඔහු කීවේය.

රටේ ගොඩක් පාරවල් හැදුණේ  ජනතාවගේ ප්‍රමුඛත්වයට නොව ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ ඇමතිවරුන්ගේ ප්‍රමුඛතාවයට බව පැවසූ මන්ත්‍රීවරයා  කාලයක් පාරවල් හැදුණේ  හම්බන්තොට පමණක් බවද ප්‍රකාශ කළේය.

ජයමහ මහතා මෙසේ පැවැසුවේ   ප්‍රවාහන  මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

නලින් බණ්ඩාර ජයමහ මහතා මෙසේද පැවසීය.

නගර ලස්සන කරන ව්‍යාපෘතිය රටට අවශ්‍යයි. චීනයේ  අද අලුත් නගර නිර්මාණය කරනවා. අපි බංකොලොත් රටක්. ඒක වෙනම කතන්දරයක්. නමුත් අපිට අලුත් නගර අවශ්‍යයි. හෙටට ගැලපෙන්න රට පෙළ ගස්සන්න ඕන.  කොළඹ වතුනිවාස තවමත් තියෙනවා. මේ  නිවාස ව්‍යාපෘතිවලට විදේශ ආයෝජන පාවිච්චි කරන්න පුළුවන්.

අපේ රටේ මහාමාර්ග හදන්නේ ජනතාවගේ ප්‍රමුඛතාවයට නොවෙයි.

ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ ප්‍රමුඛතාවයට. කාලයක් හම්බන්තොට පාරවල් විතරක් හැදුවා. මහාමාර්ග ඇමතිවරයා ඉන්නේ කොහෙද. එහේ පාරවල් ටික හැදෙනවා. අධිවේගී මාර්ග වල මුදල්   අයකරන කුටිවල වැඩ කිරීමට ආබාධිත අය යොදවන්න පුළුවන්. අතපය අඩු කන්  එහෙම ඇහෙන්නේ නැති  දුර්වල අය පාවිච්චි කරන්න පුළුවන්. ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්. ඒ  ආබාධිත අයට එවැනි ඉඩකඩක් ලබා දෙන්න.



අදහස් (4)

අධිවේගී මාර්ග ටිකට් කවුළුවලට ආබාධිතයන්

Bamunuarachchi Wednesday, 29 November 2023 05:48 PM

ඔව් ඒක නියම අදහසක්. ප්‍රශ්නය ආබාධිත අයට වැඩකරන්න පුළුවන් විදිහට ඔය ස්ථාන ඉදිවෙලා තිබෙනවද කියන එකයි.

:       2       34

Keerthi Thursday, 30 November 2023 01:28 AM

සංවර්ධිත රටවල මිනිසුන් සහ කවුන්ටර නොමැත. ඔවුන් කැමරා සවි කර ස්වයංක්‍රීයව හඳුනාගැනීමේ සංවේදක සවි කර ඇති අතර වාහනයට ඇතුළු වන විට සහ පිටවන විට එහි බිල්පත සහ ලස්සන පින්තූර විද්‍යුත් තැපෑලෙන් හෝ පළ කරනු ලැබේ. මිනිසුන්ට අන්තර්ජාලය හරහා ගෙවිය හැකිය. මේ මන්ත්‍රීවරයා දන්නේ නැතුව ඇති ඒකයි දියුණු රටවල් කියලා කියන්නේ. සමාවෙන්න මන්ත්‍රීතුමනි, අහිංසක මිනිස්සු කීපයකට උදවු කරන්න ඔබේ අදහස අපේ රටට හොඳයි.

:       0       0

ABARAB Thursday, 30 November 2023 04:59 AM

බලන් යනකොට ගැලරි ටෝල්ක් දෙන්න උපන් හපනේක්නේ ඔයත් . මේ කියන්නේ ආබාධිත මිනිස්සු ඉක්මනින් මරාදමන වැඩක්. ඇත්තටම ඒ මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩක් ගැන කතාකරන්න ඔයාගේ මොලේට එන්නෙම් නැතිද . අනික දියුණු රටවල හයිවේ වල ටිකට් කඩන මිනිස්සු නැති බව ඔයා දන්නේ නැතිද. ඔහේ චුන් උනාම ඉවක් බවක් නැතිව කියෝනව . අබාධිත යට කලින් අනිත් යට රැකියා දීල ඉන්න

:       3       1

Sugath Thursday, 30 November 2023 06:17 AM

ඉතා හොඳ යෝජනාවක්. ආබාධිත අයට ඒක හොඳ අවස්ථාවක්.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 1553 0

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩ සටහනක්
2025 මැයි මස 09 216 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 177 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 1559 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 296 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 235 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1252 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site