(අංජුල මහික වීරරත්න)
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැඩි ලෙස හානි වූ හෝ ගෙවී ගිය දණහිස් සන්ධියක් ප්‍රතිස්ථාපනය කිරීමෙන් සංචලතාව වැඩි දියුණු කිරීමට භාවිත කරනු ලබන, රෝගියාට අනුව ඉහළ නම්‍යතාවකින් යුතු දණ හිස් වර්ගයේ සම්පුර්ණ දණ හිස් ප්‍රතිස්ථාපන පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත.
ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් වී තිබේ. ඉදිරිපත් කර තිබූ මිල ගණන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ලංසු මිලෙන් 2% ක වට්ටමක් ලබා දීමට ලංසුකරු වන M/s Zimmer Pte Ltd (Manufacturer : Zimmer Inc., USA)හි දේශීය නියෝජිතායතනය වන M/s Zodiac Medicals (Pvt) Ltd. එකඟතාව පළ කර තිබේ.
TKR සංරචක කට්ටල 3,000ක් වෙනුවට හදිසි අවශ්‍යතාවන් සඳහා දැනට TKR සංරචක කට්ටල 1,000ක් පමණක් සපයා ගැනීම 3 3 M/s Zimmer Pte Ltd (Manufacturer: Zimmer Inc., USA) ප්‍රසම්පාදනය පිරිනැමීමටත්, ඉතිරි ප්‍රමාණය සපයා ගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් නැවත ලංසු කැඳවීමටත් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
ඒ අනුව, එකී නිර්දේශය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළකළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
Shyamali prasangani Saturday, 10 May 2025 08:46 AM
ලබාගන්නකන් ඉන්න...!
සී එම් රත්නායක Saturday, 10 May 2025 10:15 PM
අහිංසක රෝගීන් සඳහා හොඳ වැඩ පිළිවෙලක්...
Dickson Monday, 12 May 2025 11:37 AM
හොඳයි
Sulochana Saturday, 17 May 2025 01:42 PM
ගොඩක් හොඳයි...!