(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක රියදුරන් කළුතර ප්‍රදේශයේදී බසර රථ නවතා එම රියැදුරන් දෙදෙනා , බස් රථ දෙකට මාරු වන අයුරු එම බසයක සිටි මගියකු ඡායාරූප ගත කර ඇත.
එක් බසයක් කඩවතින් 6.30 අම්බලන්ගොඩ බලා ගමන් ආරම්භ කර ඇති අතර අනෙක් බසය අම්බලන්ගොඩ සිට කඩවත බලා ධාවනය කළ එකක් බව පැවසේ .
මෙම බස් රථ දෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේ දී , අතරමඟ නවතා , රියදුරන් දෙදෙනා මෙසේ මාරු වී ඇති බවත් ඉන් බස්රථ දෙකෙහි ගමන් ගත් මගින් විමතියට හා දැඩි අපහසුතාවයට පත්ව තිබූ බවත් පැවසේ .
එහිදී රියදුරන් දෙදෙනා, බස්රථවලින් බැස මාර්ගය මැද සවිකර ඇති ආරක්ෂිත වැට අසල අනාරක්ෂිත ලෙස රැඳී සිට, මාර්ගය හරහා මාරු වී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අධිවේගයේදී රියදුරන් දෙදෙනා බස් රථ දෙක මාරු කරගෙන
Ruhunu Tuesday, 23 November 2021 06:24 PM
හරකට ලැයිසන් දුන්නාම ඔහොම වෙනවා තමයි. හරිනම් බස් දෙකේ රූට් පර්මිට් අවලංගු කරලා රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අවලංගු කරන්න ඕනෑ.
Nuwa` Tuesday, 23 November 2021 08:07 PM
බස් දෙකෙහිම අයිතිකරු එකම කෙනෙක් වෙන්න ඇති. එක් රියදුරෙකුට කුමක් හෝ හදිසි අවශ්‍යතාවයක් නිසා ආපසු යාමට එසේ කරන්න ඇති. අධිවේගයේ නිසා කරපු වැඩේ වැරදි වුණත් පුදුම වෙන්න දෙයක් නෑ ඒකට. සාමාන්‍ය පාරවල්වල ඔය වගේ දේවල් මීට පෙර අපි නම් දැකලා තියෙනවා...
DJWednesday, 24 November 2021 02:34 AM
ඕකුන් දෙන්නගෙන් එකෙක් මොකක හරි හැප්පිලා මලානම්. ඒකත් ඔයාට නෝමල් වෙයි නේ .හදිසි අවශ්‍යතාවක් නම් ලංගම හුවමාරුවේදී එලියට ගිහින් මාරු වෙන්න ඕනි.
bandara Tuesday, 23 November 2021 08:18 PM
ඕවත් වැරදිද මල්ලී... ඕවත් වැරදිද? ඔයිට වඩා අපරාධ කොයිතරම් වෙනවාද? හෙජින් ගනුදෙනුව, මිග් යානා ගැනීම, බැඳුම්කරය, සීනි මාෆියාව, යුගදනවී...
සනත් ඉතාලිය Tuesday, 23 November 2021 08:38 PM
ඇයි මහබැන්කු හොරකම ගල් අඟුරු ටෙන්ඩර් මගඩිය 340බෙහෙත් පෙත්ත 14000ට ගෙන්වීම. ලියන්න ඔක්කොම අයගේ වැරදි. මේ අවුරුදු 73ම පාලනේ කලේ මේ දෙගොල්ලො නුඹලගේ ඔය පක්ෂග්‍රාහිකම හින්දා තමයි. පත හත එකට හින්දලා දෙනවා වගේ මේ ඔක්කොටම එකට දඬුවම් කරන්න පෙල ගැසෙනකන් අපිට මේ අය වැඩේ දෙනවා.. ඒකට පෙල ගැහියල්ලා...
SujeewaWednesday, 24 November 2021 02:00 AM
ඔබට ඔබ ආදරයක් නැත්නම් අඩු ගානේ ඔබගේ ළමයෙක්ටවත් ආදරය කරන්න.නොදන්නා ගනු දෙනු නොව ,පින්තුරත් සමග ඇති වැරැද්ද දිහා බලන්න
විපරමා Wednesday, 24 November 2021 05:05 AM
මාද්‍ය වේදීන් ඝාතනය ,සුදු වෑන්` ,අතුරුදහන් ,පාස්කු ප්‍රහාරය කරපු උන් රජ වෙලා ඉන්නේ..
Earanga Tuesday, 23 November 2021 09:16 PM
අධිවේගයේ ඕක කරපු එකයි වැරදි... ඒ ඇර වෙන වැරැද්දක් ඕකෙ නෑ.. පුදුම වෙන්න දේකුත් නෑ. මිනිස්සුන්ට අපහසුතාවයක් වෙලත් නෑ.. ඕක වෙන්න පැය ගාණක් ගිහින් මිනිස්සු රස්තියාදු වෙලත් නෑ.. පොටෝ ගත්ත කෙනා ලංකාවේ බස්වල වැඩිය ගමන් නොයන කෙනෙක් වෙන්න ඇති. මොකද දවස ගානේ යන අපි ඕවා සාමාන්‍යයෙන් දකිනවා. විශේෂයෙන්ම පොලිස් සේවයේ අය අධිවේගයේ බස්රථවල නැගලා ඇවිත් තමන්ට පහසු හුවමාරු වලින් බැහැලා වැටවල් පැනල යන එක... ඒ වගේම පෞද්ගලික වුවමනා වලට දුම්රිය ප්‍රමාද කරන නවත්වන එක.. ගුවන් සේවයේ ගුවන් යානා එක් අයෙක් වෙනුවෙන් ආපසු හරවාගෙන ඒම වගේ ඕනෑතරම් දේවල් තියෙනවා..
සිලවා Tuesday, 23 November 2021 10:24 PM
පුරුද්ද වහාම නතර කළ යූතුයි.
69lakshaya Tuesday, 23 November 2021 11:42 PM
අධිවේග මාර්ගයේ පදිකමාරු නැති එකේ ප්‍රශ්නය.
ළමයා Wednesday, 24 November 2021 07:55 AM
වැරැද්ද කුමන කරුණකටදැයි අදාල නොවිය යුතුයි. සත පහක් හොරකම් කළත් රුපියල් මිලියන ගණනින් හොරකම් කළත් හොරකම වේ. කුමන වැරැද්දක්වත් කුඩාද, විශාලද යැයි නොසලකා නිසි දඬුවම් තිබිය යුතුයි.
Senarath Wednesday, 24 November 2021 09:42 AM
යම් කිසි සුදුසු දඬුවමක් දිය යුතුයි .එහෙම නැති නම් නැවත මෙහෙම වෙන්න පුළුවන් .අවසානයේ අහිංසක රියදුරෙක් අතින් මෙහෙම පාර පනින කෙනෙක් මැරුනොත් ඒ රියදුරාට දවස් කීපයක් හරි හිරේ ඉන්න වෙනවා
chinthana Wednesday, 24 November 2021 10:27 AM
මේ රියදුරන් අධි වේගී මාර්ගයේ රියෙන් බැසීම වැරදියි.අවශ්‍ය නම් අන්තර්හුවමාරු ස්ථානයේදී මාරු වෙන්න තිබුනා
පිටිගල මිලානෝ Wednesday, 24 November 2021 11:04 AM
අපේ රටේ මිනිස්සු අලුත් දේවල් හොයාගන්න හරිම දක්ශයි. නමුත් එවා ක්‍රියාත්මක කරන්නේ වැරදි විදියටයි.
kamal Wednesday, 24 November 2021 11:36 AM
දියුණු රටවල පහසුකම් ,නොදියුණු රටවල හැසිරීම.සිංගප්පුරුවේ හිටපු අගමැති ලි ක්වාන් යු මහතා කියූ දෙයක් මතක් උනා.එල එල .ඔය විදියටම හෙළ කුල සිරිතටම කරගෙන යන්න