
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාට වයස අවුරුදු 50 පමණ වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.
හෝමාගම මාලපල්ල මිහිඳු මාවත ප්‍රදේශයේ සතියක පමණ සිට පැවැති දුගඳක් පිළිබඳව සොයා බැලීමට අද (01) දා දහවල් යාබද පාළු ඉඩමකට ගිය පුද්ගලයෙකුට වැටී මිය ගොස් සිටි පුද්ගල මළ සිරුරක් දැක තිබේ.
පසුව ඒ පිළිබඳව 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී සති දෙකකට පමණ පෙර මියයන්නට ඇති බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුර සොයාගත් බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.