IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අධිවේගයෙන් හොරා කෑ අය තමවත් සේවයේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත අධිවේගී මාර්ගයේ සේවය කරමින් මුදල් අක්‍රමිතාවලට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වූ තවත් මුදල් අයකැමිවරුන් දස දෙනකු පමණ තවමත් එම ස්ථානවලම සේවය කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

2020 / 2023 වසර වල පින්නදුව, කඩවත, ඡා ඇල හා කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල එම මුදල් අයකැමීවරුන් සේවය කරමින් සිටියදී මෙම විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධ බවට විමර්ශනවලදී පැහැදිලි සාධක සමඟ අනාවරණය වී තිබුණත් එවකට සිටි බලධාරීන් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන නොතිබිණි.

නමුත් අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ මුදල් වංචාවේ යෙදුණු අය කැමීවරුන් 22 කුගේ වැඩ තහනම් කිරීමට කෝප් කමිටුවේ නිර්දේශත් සමඟ වර්තමාන බලධාරීන් දින කීපයක් තුළදී කටයුතු කර තිබිණි.

මේ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස් පි එම් සුරිය බණ්ඩාර අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මම මෙම තනතුරට පත්වෙලා තාම මාස කීපයයි.අනිවාර්යයෙන් මම ඒ ගැන සොයා බලනවා.

 



අදහස් (7)

අධිවේගයෙන් හොරා කෑ අය තමවත් සේවයේ

Prabha Thursday, 11 July 2024 10:41 PM

ඔය සල්ලි යන්නේ බෙදිලා. තනි සාක්කුවකට නෙවෙයි.

:       0       1

Perera Thursday, 11 July 2024 11:45 PM

ඕකනේ ලංකාවේ ක්‍රමවේදය රටම හොරාකාපු මැති ඇමැතිලා පාර්ලිමේන්තුවේ තවමත් ඉන්නේ..

:       1       2

Gamini Friday, 12 July 2024 12:39 AM

ඕකේ ඉන්න එවුන් වැඩි හරියක් නාමල් ගේ නිල් බලකායේ එවුන් .පට්ට හොරු

:       0       2

නිමල් Friday, 12 July 2024 06:53 AM

ඕක මේ රටේ හැටි. මුලු රටම හොරා කාපු අය ඔය තාම ඉන්නේ පාර්ලිමේන්තුවේ . මහ හොරා පිං පුටුවේ.

:       2       9

Lalla Friday, 12 July 2024 07:39 AM

ඕක තමා අතීතයේ පවුලේ ඉතිහාසය හොයලා ඔය වගේ තනතුරුවලට ගත්තේ. සමෘද්ධිය අස්වැසුම මේවට ආසන්න හේතු... බොහෝ පවුල්වල සමෘද්ධිය අස්වැසුම වංචා සහගතව ගන්න එක ඇත්ත. ඔවුන්ගේ දරුවන්ට වංචාව සාමාන්‍ය දෙයක් කියල පේන්න ඒක හේතුවෙනවා. මේ අපරාධය නවත්තන්න නම් අත පය හොඳට තියෙන අවුරුදු හැටට අඩු කිසිම අයෙකුට සහනාධාර දීමට නවත්තන්න ඕන.

:       0       6

පිටරටවැසියා Friday, 12 July 2024 09:10 AM

මහ බැංකුව හොරා කාපු අය තමවත් සේවයේ ඉන්දැද්දි ඕක කජ්ජක්ද ?

:       4       7

Bamunuarachchi Saturday, 13 July 2024 03:05 AM

රටේ හොරු ඉන්නේ 225 තුල නොවෙයි රාජ්‍ය හා අනුබද්දිත සේවාවල. ඒ නිසා හොරකම සිදුඋන වහාම රැකියාව අත් හිටවා සේවයෙන් පහ කරනවා නම් හොරු නැතිකරගන්න පුළුවන් නැතිනම් මේ රට හදන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site