IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අධ්‍යාපන හදන්න යුනෙස්කෝ සහය ගනී

(අංජුල මහික වීරරත්න)

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බව ජනාධිපතිවරයා කීය.

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ ඉදිරියට යාමට මෙරට දරුවන්ට අවස්ථාව උදා කර දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

 



අදහස් (6)

අධ්‍යාපන හදන්න යුනෙස්කෝ සහය ගනී

sumith Thursday, 18 July 2024 03:34 PM

අධ්‍යාපනය කියන්නේ කවුරුත් කටගැස්මට ගන්න මාතෘකාවක් වෙලා තියන්නේ .නමුත් අපි තාමත් 1950 අධ්‍යාපන ක්‍රමයක් ඉන්නේ . ඔබතුමා නිහඬව අපේ අධ්‍යාපනයට වැඩක් කල කෙනෙක් . අධ්‍යාපන විද්‍යා පීට , ජාතික අධ්‍යාපන ආයතනය වගේ දේවල් හඳුන්වා දුන්නේ ඔබයි . අපේ දැනට ඇති කාලකන්නි අධ්‍යාපන ක්‍රමය ඇත්තටම ප්‍රතිසංස්කරණය කලොත් ඒ ඔබ තමයි . අනිත් කයිවාරු කාරයින්ට ඕව කරන්න පුළුවන් කමක් නැහැ .

:       6       13

Dinesh Thursday, 18 July 2024 04:16 PM

අනේ පලයන් මුත්තේ යන්න

:       9       7

Reesj Thursday, 18 July 2024 07:53 PM

අලුත් සිලබස් එකෙන් ICT හලලා මුයි බන්දුලයි හදලා තියෙන්නේ ඊළඟ අවුරුද්දේ ඉඳලා දැල් AI ගැන කියවනවා...

:       3       2

chandima Thursday, 18 July 2024 08:43 PM

සාචච්ඡාවට හැච්චෝ බැච්චෝ එක්කලා රට යන්න හිතාගෙන වෙන්න ඇති. දැන් කල් ඇති වෙයිද? කාලයක් අධ්‍යාපන ඇමැතිවෙලත් උන්නා නේද? ඒ කාලේ මේ වගේ අදූරදර්ශී අදහස් පහළ වුණේ නැද්ද?

:       1       0

chandima Thursday, 18 July 2024 08:45 PM

සුමිත් එයා කාලයක් අධ්‍යාපන ඇමැති වෙලා හිටියා. තවත් කාලයක් අගමැති වෙලා හිටියා. ඒ කාලේ තිබුණේ ඔය කියන 1950 අධ්‍යාපන ක්‍රමය නෙවෙයි වෙන්න ඇති නේද?

:       1       0

kapila Thursday, 18 July 2024 08:48 PM

බලපුවාම මේ වෙනකල් අධ්‍යාපනයේ හදන්න දන්නේ නැති අමු මැට්ටොනේ... අධ්‍යාපන ඇමැතිකම් කරලා තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site