(උපුල් හේරත් )
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ රාජකාරි නිරත කාර්යාල සේවකයකු ගංජා පාර්සල් දෙකක් සොරාගෙන රැගෙන යමින් සිටිය දී අද (19) අත් අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූයේ , මන්නාරම පදිංචි 34 හැවිරිදි කා.කා.ස.වරයෙකි.ඔහු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයෙකි .
දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙම සැකකරු විසින් ඔහු ගේ සේවා ස්ථානය වන මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ස්කූටියකින් පැමිණෙන බවත් ,නැවතත් පාසැල් බෑගයක් කරේ දමාගෙන අධිකරණයෙන් පිටව යන බවට ලැබුණු තොරතුර පිළිබඳව එම නිලධාරින් ආවේක්ෂණ රාජකාරියේ යෙදී ඇත .
ඉන් පසු මෙම බුද්ධි නිලධාරීන් විසින් පොලිසියේ ජේෂ්ඨ නිලධාරින් දැනුවත් කර ,උපදෙස් ලබා ගෙන ,අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමගින් එම සැකකරු සැක පිට අත්අඩංගුවට ගෙන ඇත .ඔහු එලෙස අත්අඩංගුවට ගනු ලැබුයේ මන්නාරම නගරයේ දී ය .
සැකකරු සමඟ සිදු කල ප්‍රශ්න කිරීම් හමුවේ ,එම සැකකාර තැනත්තා විසින් සොරා ගන්නා ලද ගංජා පාර්සල් වෙනත් අයෙකුට අලෙවි කර නැවතත් උදෑසන නමයට පමණ සේවා ස්ථානය වෙත පැමිණෙන බව තොරතුරු හෙළිදරවු කර ගෙන ඇත .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අධිකරණ සේවකයා නඩු භාණ්ඩ උස්සලා