IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අද අපි අකුරු කරනෙමු ගස් සෙවණ යට...

පාසල් ඇරපු                           හන්දා

අම්මා මාව පාසලට ආවා         කැන්දා

ගුරුවරු නොමැති                     හන්දා

පොලිස් මාමේ දෙපා                වැන්දා

 

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල තිත්තිත්තවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පාසැලට පැමිණෙද්දී එහි ගුරුවරුන් කිසිවකු පාසැලට වාර්තා නොකිරීම හේතුවෙන් සෑම පන්ති කාමරයක්ම ඉබි යතුරු දමා වසා දමා තිබෙන අයුුුරු දක්නට ලැබිණි. ඒබැවින් පාසල් පැමිණි දරුවන්ට ගස් සෙවණේ සිටීමට සිදුවිය.

දරුවන් මව්පියන්ගේ දෙපා වැඳ පාසැලට පැමිණෙද්දී තවත් දෙමව්පියන් පිරිසක් මල් කළඹ  ලබා දී දරුවන් පිළිගත්තද ගුරුවරුන් පාසලට පැමිණ නොසිටීම හේතුවෙන් පාසලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේගේ දෙපා වැද  දරුවන් පාසලට පැමිණි අයුරු දැක ගැනීමට හැකිවිය.



අදහස් (20)

අද අපි අකුරු කරනෙමු ගස් සෙවණ යට...

69lakshaya Thursday, 21 October 2021 09:27 AM

අපේ සර් දන්නවා ගුරුවරුන් නැතුව පාසැල් පවත්වන ක්‍රමවේදය

:       14       26

damith Thursday, 21 October 2021 09:38 AM

අනවශ්‍ය අයට අනවශ්‍ය විදියට වදින්න පුරුදු කරන්න එපා.

:       12       61

Asanka Thursday, 21 October 2021 09:41 AM

එන්නෙ නෑ කියල දැනුම් දීල තියෙද්දි ආණ්ඩුව විස්වාස කරල එවල තියෙන්නෙ. රචනා ලියල වැඩක් නෑ ඉතින්

:       12       40

Rusith Thursday, 21 October 2021 09:56 AM

ඔළුවට අත හෝදවගන්න පොඩි කාලෙම පුරුදු කරන දිනය ආණ්ඩුවෙන්

:       11       34

Prase Thursday, 21 October 2021 10:01 AM

නොපැමිණි ගුරුවරුන්ගේ වැඩ තහනම් කරව් .නවක උපාධිධාරීන් බඳවා ගෙන පාසැල් කරගෙන යන්න ජනතාව ගේ සුභ පැතුම් රජය‍ට

:       53       51

chandanaThursday, 21 October 2021 02:30 PM

පැහැදිලිවම ඔව්. අපේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තීරණය කරන්නේ වැඩ වර්ජකයින් නම් අපිට රජයක් අවශ්‍ය නැත. එබැවින් සේවය හැරගියා සේ සලකා සෘජු තීරණ ගැනීමක් අප අපේක්ෂා කරමු. ඒ් වගේම දෙමව්පියනුත් අඛණ්ඩව දරුවන්ව පාසැල් එවීමට සිත දැඩි කර ගත යුතුය. ඉදිරි අනාගතයේ කිසිදු අවස්ථාවක මෙවැනි තත්වයක් අධ්‍යාපනයට සිදු නොවීමට නම් සෘජු තීරණ ගත යුතුමය. රජයට නවකයන් බඳවා ගැනීමට නවක උපාධිධාරී තොරතුරු ඇත අතර ඒ් සඳහා ප්‍රමාණවත් කාලයක්ද තිබේ.

:       4       6

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 October 2021 10:11 AM

" වසංගතේ පැතිරුණි රට සැම තැනම ... පාසල් වසා තිබුණා මේ වෙන තුරුම ... ගුරුදෙවි, රජය සටනට නිති වෙර දැරුම ... අවසන් වෙලා අපහට ලැබදෙනු දැනුම ... "

:       1       14

යෝගා Thursday, 21 October 2021 10:26 AM

පඩියම බලාගෙන වැඩ කරන අයට වඩා රාජකාරියට බැඳී සිටින පොලිස් නිලධාරියෙකුට වඳින එක වටිනවා

:       57       48

ධර්මපාල Thursday, 21 October 2021 11:31 AM

අලුගෝසුවන් ගුරු සේවයට ගියාම ඔහොම තමා. නොදන්වා සේවයට නොපැමිණීම මත වැඩ තහනම් කරනු

:       33       38

gunarathna Thursday, 21 October 2021 11:32 AM

පොලිසිය වැඩක් නැති බව දැනෙන්නේ නුගත් කුඩු කාරයන්ට මිසක් සමාජ පුරවැසියෙක් එහෙම හිතන්නේ නැහැ .මෙහෙම කියන නුගත්තු මොකක් හරි උනාම දුවන්නේ පොලිසියට

:       19       33

චන්දන Thursday, 21 October 2021 12:57 PM

ඇත්තටම එයාල කාලකණ්ණි ගුරුවරු . එයාලට එක්කො ළමයි නැහැ . නැත්නම් ඉන්න අය දඩාවතේ යනව. දරු දුක දන්නා ගුරුවරු අද වැඩ. මාස 6ක් පිංපඩි අරගෙන ඒවයින් බත් කෑවද.

:       14       25

පී.එම්.සී.එස්.දසනායක මිය Thursday, 21 October 2021 01:53 PM

ගුරු ගෞරවය නැතිකරගෙන ඇත්තේ ගරුවරුන් විසින්මයි කිහිප දෙනෙකුගේ උවමනාවට අපේ අනාගතයට අත්වී ඇති ඉරණම ගැන අකුරුවලින් ලියන්නට බැරි තරම් කණගාටුවක් දැනෙයි මහජනතාවගේ මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් හැමෝම මේ ගැන සිතා බැලිය යුතුයි. එහෙම කරන අයගේ පෞද්ගලික ජීවිත අවුල් වෙලා ඒ තමයි කරපු පවු පලදීම.

:       10       22

saman Thursday, 21 October 2021 02:05 PM

ගුරාලට තවදුරටත් වැඳීම අවශ්‍ය නැති බව ළමුන්ටත් සිතෙනවා ඇති

:       2       5

chandana Thursday, 21 October 2021 02:25 PM

ඔබට බුද්ධියක් ඇත්නම් මෙම අවස්ථාවට ගලපා ගැනීමට හැකියැයි විශ්වාස කරමින් වැඩිදුර පැහැදිලි කිරීම් නොකරමි.

:       1       0

88-89 යෙන් උපන් ජයසිංහ Thursday, 21 October 2021 03:17 PM

අපිට දරුවන් පාසැල්, විශ්වවිද්‍යාල යවන්න ඕනේ නැහැ. අපිට ඕනේ එයාල අපේ පන්ති පහට එනවට. එතන තමයි සියලුම දැනුම තියෙන්නේ.

:       2       3

Gamini Ranasinghe Thursday, 21 October 2021 03:30 PM

මොන තරම් අප්‍රසන්න දර්ශනයක්ද මේ කුඩා දරුවෙකු පොලිස්කාරයෙකුට වඳින එක. දේශපාලකයන්ට වැඳීමද වහාම නතර කලයුතුය. පාසල් දරුවකු තම දෙමාපියන්ට හෝ බුද්ධාගමේ නම් හාමුදුරු කෙනෙකුට හැර වෙනත් කිසිවකුට වැඳිය යුතු නැත. මෙවැනි පහත් වැඳීම් වලින් සිදු වනුයේ කුඩා කලදීම ලමයාගේ කොන්ද කඩා, පෞර්ශයක් නැති නිවටයකු බවට පත් කිරීමයි.

:       3       13

gunarathnaThursday, 21 October 2021 05:39 PM

දැන් එතකොට අර ස්ටාර්ලින් ලා එක්ක දඟල දඟල පෙළපාලි යන හාමුදුරුවන්ටත් වඳින්න ඕනෙද ?

:       1       0

K Perera Thursday, 21 October 2021 05:46 PM

මේ තරම් විනාශයක් රටට වෙද්දීත් තවමත් රස කර කර ආණ්ඩුවේ කුණු ඉඳුල් ලෙවකන වහල්ලු සිටිනවානම් මේ රටට ලොකු අභාග්‍යක්

:       0       0

NJ Thursday, 21 October 2021 06:07 PM

මෙම පින්තූර දුටු විට එය දශක ගණනාවක අතීත ඉතිහාසය සිහිපත් කළේය. එක්තරා කාලයක මම ගමේ පිටිසර ගමක ඉතා දුප්පත් පාසලක ඉගෙනුම ලබමින් සිටියෙමි. ගුරුවරුන් සමඟ අප දෙමාපියන්ට නොදෙවෙනි සබඳතාවක් පැවැත්වූ අතර එය අප අද සිටින තත්ත්වයට පත් කළේය. මම තවදුරටත් ශ්‍රී ලංකාවේ නොසිටියත්, අපේ රටේ අධ්‍යාපනය සහ නොමඟ යවන අධ්‍යාපන ක්‍රමය ගැන මට ඇත්තේ දැඩි කණගාටුවකි. නිදහස් අධ්‍යාපනය යනුවෙන් කිසිවක් නොමැති අතර දෙමව්පියන් සැම විටම සිතිය යුත්තේ "අධ්‍යාපනයක් නැත්නම් අනාගතයක් නැත" යන්නයි.

:       0       0

Demuni Uduwara Thursday, 21 October 2021 07:33 PM

වැරදි ප්‍රමුඛතාවයක්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site