(අජන්ත කුමාර අගලකඩ)
නිමල් සිරිපාල ද සිල්වා මහතාට අමතරව ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට එක් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මහින්ද අමරවීර ,දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ,ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ වන බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ.
නිමල් සිරිපාල ද සිල්වා මහතා ආණ්ඩුවට එක්ව වරාය ,නාවුක හා ගුවන් සේවා ඇමැති ලෙස දිව්රුම් දුන් අතර,මහින්ද අමරවීර මහතාට ද කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි වනු ඇතැයි දැනගන්නට ඇත.
ඉතිරි සිවුදෙනාගෙන් තිදෙනකු ට පමණ රාජ්‍ය අමාත්‍ය ධූර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කළද ,තනතුරු බාර ගැනීමට තීරණය කර නැති අතර,එවැනි පරිසරයක් තුළ මෙම පිරිස ආණ්ඩුවට එක් වනු ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ නායකයන් සමග සාකච්ඡා නොකර හොරෙන් ඇමැතිකම් දීම සදාචාරද? මෙහෙම සර්ව පාක්ෂික ආණ්ඩු හදන්න පුළුවන්ද? කවුරුත් පිළිගන්න ආණ්ඩුවක් නේද මේ වෙලාවේ හැදිය යුත්තේ..?
ආප්ප කාලා නොකියා ගිය නායකයකුට මීට වඩා දෙයක් විය හැකිද?
දැන් තේරෙනවනේ ජවිපෙ ඔය කියන රජයට සහයෝගය නොදීමට හේතුව..., තෙලෙන් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියායි. පළමුව නියෝජ්‍ය කතානායක තේරීම...
ඊළඟ පාර ගෙවල් ගිනි තියාගන්න අවශ්‍ය අය ආණ්ඩුවට එකතු වෙනවා...