IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


අත්‍යවශ්‍ය ඖෂධ තුන්සීයකට වඩා හිඟයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

රටේ අත්‍යවශ්‍ය ඖෂධ  තුන්සීයකට වඩා හිඟතාවයක් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"ඖෂධ පිළිබඳව අප රටේ ප්‍රබල අර්බුදයක් තිබෙනවා.අප රටේ අත්‍යවශ්‍ය ඖෂධ 862ක් තිබෙනවා.මේ අතුරින් ඖෂධ 131ක ජාතික වශයෙන් හිඟයි.වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ හිඟය 218යි. ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ වලින් ඖෂධ තුන්සීයකට වඩා හිඟතාවයක් තිබෙනවා.

අප එදා සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙනවිත් බාල ඖෂධ ගෙන ඒමට විරුද්ධව කටයුතු කළා.මේ ඖෂධ හිඟය එක පාරට ඇති වූ දෙයක් නොවන බව මා දන්නවා.නමුත් මේ ඖෂධ හිඟය නිසා රටේ අහිංසක රෝගීන් දැඩි පීඩාවට ලක්ව සිටිනවා.එවැනි තත්ත්වයක් තිබියදී කළ යුත්තේ කුමක්ද? රටේ දේශීය ඖෂධ නිෂ්පාදකයන් උනන්දු කළ යුතුයි.එමෙන්ම අප ජාත්‍යන්තරය සමඟ තරග කළ යුතුව තිබෙනවා.

ලංකාවේ ඖෂධ මිල තීරණය කරන කමිටුවක් තිබෙනවා.මෙම කමිටුව එකම ඖෂධ සඳහා තමන්ට හිතුණු මිල දානවා.නමුත් ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල් කටයුතු කරන්නේ යුරෝපීය මිල සැලකීමට ගෙනයි.ඒ ක්‍රියාවලියම මේ රටෙත් ක්‍රියාත්මක කරන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (0)

අත්‍යවශ්‍ය ඖෂධ තුන්සීයකට වඩා හිඟයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 54 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site