IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අතුරු සම්මත ගිණුම කෝටි 260000 යි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලබන වසරේ මුල් මාස හතර සඳහා රජයේ කාර්යන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යෑම සඳහා රුපියල් කෝටි 260000 ක් අනුමත කරගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට අද (5)  ඉදිරිපත් කෙරිණ.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළේය. මෙම ගිණුම පිළිබඳ විවාදය අද (5) ආරම්භ කෙරුණු අතර හෙට (6) දිනයේත් පැවැත්වේ.

අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්තන වියදම් (කුලී) හැර රුපියල් කෝටි  100000කුත් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල්  කෝටි 42500 කුත් විදේශ ණය ප්‍රතිව්‍යුහ ගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාකරණයට රුපියල් කෝටි  117500  කුත් අවශ්‍ය බව විවාදය අරඹමින් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

රජයේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 160000ක් බවත් මූලික ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි 100000ක් බවත් ඔහු කීවේය. මින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය. එම ප්‍රමාණය රුපියල්  කෝටි  22000කි.



අදහස් (0)

අතුරු සම්මත ගිණුම කෝටි 260000 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 298 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site