( රංජිත් රාජපක්ෂ )
දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලි ගගේ තිබි අද (30) දින හමු වු බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මහවැලි ගගේ තිබි මෙසේ හමුවුයේ නාවලපිටිය ගෝනාවල පතන ප්‍රදේශයේ පදිංචි නිරංජලා දමයන්ති නැමති (38) හැවිරිදි දෙදරු මවගේ සිරුරයි.
මිය ගිය දෙදරු මව ඉකුත් (27) දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන සිය මව බැලිමට යන බව පවසා නිවසින් බැහැර වි ඇති බවත්, නැවත ඇය නිවසට නොපැමිණි නිසා පවුලේ ඥාතින් මේ පිලිබදව නාවලපිටිය පොලිසිය පැමිණිල්ලක් කර ඇත.
මහවැලි ගගේ නාවලපිටිය කිතුල්කොට ප්‍රදේශයේ නාදුනන කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත නාවලපිටිය පොලිසිය විසින් සිරුර ගොඩගැනිමෙන් පසු එය අතුරුදහන්ව සිටි කාන්තාවගේ සිරුර බව ඥාතින් විසින් හදුනාගෙන ඇත.
මියගිය කාන්තාවගේ වැඩිමහල් දියණිය මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින සිසුවියක් බවත්, ඇය මව අතුරුදහන් වු දින සහ සිරුර හමු වු (30) දිනයෙත් විභාගය සදහා පෙනි සිටිමට ගොස් ඇති බව ඥාතිහූ කියති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අතුරුදන් දෙදරු මවගේ සිරුර මහවැලියෙන් මතුවෙයි