IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්

(නිමල කොඩිතුවක්කු)

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.

ඒ සඳහා නාමික හෝ නිර්රාමිකව තොරතුරු ලබාදීමට ඕනෑම අයකුට අවස්ථාව සැලසෙන බවත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතික සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් අත්හිටුවන ලෙස අපි ආණ්ඩුවට සහ පළාත් සභා බලධාරීන්ට අවධාරණය කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය.

එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.

රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ.

පළාත් පාලන සහකර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන් ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන් ම ක්ෂේත්‍රනිලධාරීන් ට ද මෙය බලපෑ ඇති බව වාර්ථා වේ.

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවා යැයි පොරොන්දුවක් ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටළු සහගතය.

තවමත් අවසන් නැති හා නුදුරේම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා මේ දිනවල පැවැත්වෙන සමූපකාර සංගම් ඡන්ද විමසීම් ද පැවැත්වේ. පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ සීග්‍ර ලෙස දේශපාලනිකරණය වීමක් සිදුවෙමින් පැවතීම, ඉදිරි මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම දක්නට ලැබේ.

මෙම මාරු කිරීම් තුළ ඒ ඒ ක්ෂේත්‍රයේ සේවාවන් ඉටුකිරීම් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවනවා පමණක් නොව එම නිලධාරීන්ටද පෞද්ගලිකව බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවන බව පෙනේ” යැයිද එහි සඳහන් වේ.



අදහස් (6)

අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්

ජයනාත් Thursday, 26 December 2024 04:41 PM

කට්ටිය ට නිකංම ඉන්න වෙයි. නේද

:       0       1

mangala Thursday, 26 December 2024 05:23 PM

කිනිතුල්ලොන් ව හලන්නම ඕන. මෙයාලා බලයේ ඉද්දී හරිම සත්ගුණවත්. කිසිම අයුතු මාරුකිරීමක් කරේම නෑ. ඒකනේ ජනතාව මෙයාලව කුල්ල කුජීත කරලම දැම්මේ. නිකන් බොරුවට තප්පුලන්නේ නැතුව ඉන්න තාක් තියෙන ඡන්ද ටික රැකෙයි, තපප්පුලන වාරයක් පාසා ඡන්ද කැඩෙයි.

:       9       2

අරවින්ද මොනරවිල Thursday, 26 December 2024 07:13 PM

අනේ විහිළු නොකර හිටපං බංඩෝ, ඔබලා 2015 දැම්ම සෙල්ලම් මතක් උනාද ?

:       11       2

ලක්විදු Thursday, 26 December 2024 08:21 PM

හොදයි හොදයි.., පියානෝගෙ කාලෙ ඉදලම හොයන්නකෝ…!

:       9       0

වික්‍රම විදුර්‍ර Thursday, 26 December 2024 09:33 PM

අත්තනෝමතිකව පත්කරපු අයව හොයන්න කියල නැද්ද? උස නම් සිකුරිටි මිටි නම් කම්කරු කියලා 5000 ගෙවලා ඇවිලලා ඇගිලි සලකුණු ගහලා ඡන්ද කැම්පේන් කරන්න අමාත්‍යාංශයට දාපු 1000 වැටි පත්වීම් ?

:       7       0

වික්‍රම විදුර Friday, 27 December 2024 12:47 PM

උස නම් සිකුරිටි මිටිනම් කම්කරු දුන්නේ කොහ‌ොමද දන්නෑ... කොහොම හරි සජබේ උන්ටික හැරෙන්නේ සජියාව හිරේදාන්න.. හිරේ යන්නත් ඔ්නා කරපු ජඩ වැඩ වලට...

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site