IMG-LOGO

අත්තනගල්ලේ - මීරිගම ගම් 3ක් වසාදමයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)

පුද්ගලයින් 37 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ග්‍රාමයෙන් තුන අද(11) වසා දමමින් අධි ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 

මේ අනුව එම ප්‍රදේශයන්ට ඇතුළුවීම සහ පිටවීම තහනම් කර ඇති බවත් එම ප්‍රදේශයන්ට පිටත්තර කිසිවෙකුටත් පැමිණීමට නොහැකි වන ලෙසින් මාර්ග බාධක යෙදීමට ආරක්ෂක අංශ අවශ්‍ය පියවර ගෙන ඇති බවත් දිසාපතිවරයා සදහන් කළේය.

මාලිගාතැන්න, කූරිකොටුව සහ එලුවාපිටිය යන ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී වසම් 7 ක් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති බැවින් එම ප්‍රදේශයන්හි වෙසෙන පවුල් 3688 කට අයත් සාමාජිකයන් 12,600 ක් පමණ වන පිරිසකගේ අවශ්‍යතා සපුරාලීමට අදාල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන මගින් පියවර ගනිමින් සිටින බවත් දිසාපතිවරයා පැවසීය. 

එලුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් සිව්නමකට සහ ගිහි පුද්ගලයෙකුටද වයිරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී ඇති අතර එම විහාරස්ථානයේ දී පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසු දරුවන් පිරිසක් වෙනුවෙන් ඊයේ (10) බෝධි පූජා පවත්වා ඇති බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

පෙරවරුවේ සිටම එළුවාපිටිය ප්‍රදේශයේ මාර්ග බාධක යෙදූ පොලිසිය පුද්ගලයින් ඇතුළු වීම සහ පිටවීම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට හා දෙමාපියන්ට පමණක්  සීමා කිරීමට කටයුතු කරනු ලැබීය. මෙම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු යුද හමුදාව යටතට පත් කිරීමට නියමිතය.



අදහස් (0)

අත්තනගල්ලේ - මීරිගම ගම් 3ක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site